පිනි බිංදු ..... මේ ගැන ආයෙමත් ලියන්න හිතුවෙ.. දැන් දිනේ අත ළඟටම ඇවිල්ල. මෙයාල මහන්සි වෙන හැටි දැක්කම ලොකු දුකකුත්.. ආදරයකුත් තවත් මොකක්දෝ හැඟීමකුත්.. නිකං දේශප්‍රේමය.. අපේකම වගේ එකකුත් ඇතිවෙනව. මේවට සහභාගි වෙන අය සමහරු හැතැප්ම 50 කට 60 කට වැඩිය දුර ගෙවා ගෙන එන්නේ. මම හොඳට දන්නවා මේවයින් මුදල්මය වාසියක් ලැබෙන්නේ නැති වග. අන්තිමට ඉතිරි වෙන්නේ මානසික සහනයක් විතරයි. හැම සිකුරාදාකම වාගේ ඉන්දුලගෙ ගෙදර කට්ටිය පිරිල. ඒ එන අයත් හිස් අතින් එන්නේ නෑ. මොනව හරි කෑමක් බීමක් අරන්. ඒ තමා මම අර කලින් කීව අපේකම. තවමත් නොනැසී තියෙන අපේ ලස්සන දේවල්. ගෙට ගොඩ වෙන කොටම ඉන්දු හැමෝම පිළි ගන්නව. ඊළඟට කන්න බොන්න පෙරැත්තෙ. හැමෝටම නෑ කමක් කියල කතා කරනව. මල්ලී.. පුතේ... දුවේ.. කියල. මේ අපේ දේවල් තවත් අවුරුදු ගාණකට ඉස්සරහට ගෙනියන්න නේද මේ කට්ටිය මේ දහිරිය දාන්නෙ.. ඩොලර් 20 කට ඇයි මේ මිළ කරල ට්කට් එකක් මේක ඊට වඩා කීප ගුනයක් වටිනව ඇවිල්ලම බලන්න. දකුණු කැලිෆෝනියාවේ පදිංචි සැමටයි මේ ආරාධනා. (අනික් අයත් ආවට වරදක් වෙන්නෙ නෑ) .. ගොඩක් දවසකින් මගේ බ්ලොග් එක update කරන්න බැරි උ...