Posts

Showing posts from November, 2013

ෆ්ලෑෂ් - වීඩියෝ...

Image
http://path/to/ruffle.js ෆ්ලෑෂ් වීඩියෝ එකක් හදන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. document එක අරින්න. import > video .   කොම්පියුටර් එකේ save කරල තියෙන එකක්  හෝ යූ ටියුබ් වීඩියෝ එකක්.  හැබැයි FLV  ෆෝමැට් එකේ වෙන්න ඕන. ඊට පස්සෙ අහන ඒවට උත්තර දෙන්න. අත හුරු කර ගත්තාම මේ  හදල තියෙන පිස්සු වීඩියෝ එක වගේ එකක් හදන්න පුළුවන්.

ගී සර රංගන

ගී සර  රංගන බොහොම සාර්තක  විදියට නිමා උනා. සුළු සුළු අඩු පාඩු තියෙන්න ඇති. මම අපේ කට්ටිය ගැන කියන්නම් නොදන්න අයට. අපේ කට්ටිය වයස අනුව බැලුවොත්  අවුරුදු 14 සිට හැට පැනපු අයගෙන්ද,  අධ්‍යාපන මට්ටම අනුව බැලුවොත්  මිඩ්ල් ස්කූල් යන අයගේ සිට පී. එච්. ඩී. කාරයන් ගෙන්ද  සමන්විතයි. අපි මේක පටන් ගත්තෙ මාස හයකට විතර කලින්. සමහර දාට ඇනහයිම් පන්සලෙත්  සමහරදාට  ජයසිංහ මෝල් එකෙත් පුහුණුවීම පැවැත් උනා.  කට්ටිය රැස් කරන එක හරිම අමාරු වැඩක්. සමහරු හැතැප්ම 100 ක් විතර  දුර ඉඳල  එන්නෙ. සමහරු වැඩ. තවත් සමහරුන්ට තවත් පුද්ගලික වැඩ. කොහොම හරි ඔය පුහුණු වීම් එකම සතුටු සාගරයක්. සමහරු වඩේ හදා ගෙනව.  පැටිස්.. කට්ලස්...එක එක විදියේ කෑම. පුහුණුවීම් අස්සෙ කනව දැක්කොත් සුනේත්‍රගෙන් බැනුම් කෝටියයි.  හොරෙන් හොරෙන්ම වොඩ්කා බෝතලේකුත් හිස් වෙනව.  විවේක කාලෙ ඩබල් මීනිං කතා,  කුණුහරප වල් කතා , පිස්සු කතා ඒවයින් අඩුවකුත් නෑ. නොවැම්බර් 8 හවස ඩ්‍රෙස්  රිහර්සල් .. කිසිම කෙනෙක් ලෑස්ති නෑ. එකම අවුල් ගොඩක්. කෝරස් ඇහෙන්නෙ නෑ. දෙබස් කට පාඩම්...