Posts

Showing posts from July 16, 2013

ෆ්ලෑෂ් වෙස් බැන්දුම්

Mask එකක් කියන්නෙ වෙස් මුහුණක් නෙ. මාස්ක් එකකින් කෙරෙන්නේ තමන්ගෙ නියම මුහුණ සැඟවීමයි. Flash වලත් masking කියා දෙයක් තියෙනවා. ඇත්තටම එයිනුත් කෙරෙන්නේ සැඟවීමක්. ඒ මගින් ඉතා ලස්සන දේවල් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ; මේ තියෙන්නෙ ඒ විදියට මා හැදූ එකක්. මේක කළේ මෙහෙමයි. මුහුදු වෙරළක වර්ණ පින්තුරයක් හොයා ගත්ත. ෆොටෝශොප් එකෙන් එහි කළු- සුදු කොපියක් හදා ගත්තා. ෆ්ලෑෂ් ඩොකියුමන්ට් එක ඇරල මුලින්ම අර කළු සුදු පින්තූරය ස්ටේජ් එකට ඉම්පෝට් කරල දිග පළල හරියට තියල align කරල F8 ඔබල සිම්බල් එකකට convert කළා. movie ක්ලිප් එකක් හැටියට. ඒ ලේයර් එකේ ෆ්‍රේම් 30 ක් ලකුණු කරල F6 එබුවා. අළුත් ලේයර් එකක් ඇරල අර කළු සුදු කොපියෙ වර්ණ පින්තූරය ස්ටේජ් එකට ඉම්පෝට් කළා. මුල් එකේ ගනටම දිග පළල දීල align කරල F8 ඔබල movie ක්ලිප් එකක් විදියට convert කලා. ඉන් පසු ෆ්‍රේම් 30 දි F6 එබුවා. දැන් ලේයර්ස් දෙකක් තියෙනව. තව අලුත් ලේයර් එකක් ඇරල Rectangle ටූල් එකෙන් සෘජුකෝණාශ්‍රයක් හැදුවා. පින්තූරයේ උසටම ඒත් පළල පින්තූර්යට වඩා ගොඩක් අඩුවෙන්. ඒක තමා මාස්ක් එක වෙන්නෙ. ඉන් පසු F8 ඔබල එයත් movie ක්ලිප් එකකට convert කරගෙන ෆ්‍රේම් 30