ඉන්දුට මල් මිටක්
ගොඩාක් අවිවේකී සතියක්. බ්ලොග් එක update කරන්න බැරි උනා. ෆ්ලෑෂ් , ෆොටෝ ෂොප් වගේ දේවල් නිතරම කරන්න ඕන. නැත්නම් අමතක වෙනව. අද ලියමු පිනි බිංදු ගැන පසු වදනක්. අපි නම් කරමු ඒක " ඉන්දුට මල් මිටක් " කියල. මම ටිකට් එකක් අරන් වාඩි වෙලා ෂෝ එක බලන්න ආසාවෙන් හිටියේ. ඒත් අන්තිම මොහොතේ ස්ටේජ් එක පිටි පස්සට වෙලා යමක් කරන්න නියම උනා. සුළුවෙන් හෝ ඊට සම්මාදම් වෙන්න ලැබීමත් පිනක්. හවුස් ෆුල් නෑ. ඒත් ඇවිල්ල හිටිය කට්ටිය දැක්කම සතුටුයි. සරත් ගුණපාල , ජසෙන්තුලියන වගේ උගතුන්. සිංහළ කම අගයන පිරිසක්. මගේ කණටම ඇහුන කීප දෙනෙක්ම කියනව ඇමරිකාවෙ දැක්ක හොඳම ෂෝ එක කියල. ඒත් පිටි පස්සෙ හිටිය මට ගොඩාක් අඩු පාඩු පෙනුන. ඒව සුළු දේවල්. මෙච්චර ලොකු පිරිසක් එක්ක වැඩ කරන කොට එහෙම වෙනව. ඒත් ඊට කලින් දා dress rehearsal එකක් දැම්ම නම් ඒ අඩු පාඩුත් අවම කර ගන්න තිබුන. ඇමරිකන් විදියට මමත් WOW කියල කියනව. මේ මල් පොකුර ඉන්දු ඇතුලු කලාකරුවන් සැමට.. මා ගානේ. මේකත් හැදුවෙ ෆොටෝ ෂොප් එක සහ ෆ්ලෑෂ් ආශ්‍රය කර ගෙන. ටියුටෝරියල් එක ඕනම නම් ක්‍රෙඩිට් කාඩ් අංකය දෙන්න. We ...