Posts

Showing posts from July 20, 2013

ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක්.. ෆ්ලෑෂ් වලින්..

Image
අද මම කියල දෙන්නම් ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක් හදන හැටි. ලස්සන කෙල්ලන්ගෙ පින්තූර ටිකක් එහෙම දාල. සිම්පල්. ෆ්ලෑෂ් page එක ඇරියා. එක පින්තූරයක් ස්ටේජ් එකට ගෙනවා. දිග පළල මතක් තියා ගත්තා. align  කර ගන්න. F8 ඔබල movie clip එකකට හරව ගන්න. ටයිම් ලයින් එකේ 15,  කී ෆ්‍රේම් එකක් අරින්න F6 ඔබල. අලුත් ලේයර් එකක් අරින්න. ටයිම් ලයින් එකේ 15 කී ෆ්‍රේම් එකක් අරින්න. ඊ ළඟ පින්තූරය ස්ටේජ් එකට ගෙනත් කලින් එකේ දිග පළලම දීල align කර ගන්න.ටයිම් ලයින් එකේ 30 කී ෆ්‍රේම් එකක් අරින්න. ඔය විදියට කැමති පින්තූර ගණනක් අළුත් ලේයර් වල අරින්න. කී ෆ්‍රේම් අතර මෝෂන් ට්වීන් අරින්න. 15 සහ 30 ෆ්‍රේම් වලට ගිහින්, පහල color property panel එකේ brightness වෙනස් කරල , movie එක ටෙස්ට් කරල බලන්න.

ෆ්ලෑෂ්..... ක්‍රියේටිව් මාස්කින්.

Image
මාස්කින්ග්  වලින් හරි ලස්සන දේ කරන්න පුළුවන්. අපි බලමු පහනක දැල්ලක් සුළඟට නටන ආකාරය කොහොමද හදන්නෙ කියල. ෆ්ලෑෂ් පේජ් එක ඇරල,පසුබිම් වර්ණය කළු වගේ තද පාටක් දෙන්න. Line tool එක අරන් සිරස් රේඛාවක් අඳින්න. ඊට පසු selection tool එක ඒ රේඛාවෙ මැද හරියට කිට්ටු කළාම , ඊ තලයට පහලින් වක්‍රයක් පෙනෙයි. දැන් මවුස් එක පොඩ්ඩක් එහාට කළාම අර සිරස් රේඛාව දුන්නක් වාගේ ඇද ගන්න පුළුවන්. දැන් ඒ වක්‍ර රේඛාවෙ මුදුනේ ඉඳන් පහලට සිරස් රේඛාවක් ඇඳ ගන්න. මේ තමයි පහනේ දැල්ල. දැල්ලේ පහල කෙළවරින් තිරස් රේඛාවක් අඳින්න. selection tool එකෙන් කලින් විදියට වක්‍ර කර ගන්න. නැවත ඒ වක්‍ර කළ රේඛාවෙ මුල ඉඳන් අගට තිරස් රේඛාවක් අඳින්න. මේ තමා පහන. paint bucket ටූල් එකෙන් කැමති පාටකින් පුරව ගන්න. දැන් දැල්ල ක්ලික් කරල , F8 ඔබල movie clip එකක් කර ගන්න. modify > transform>free transform යන්න. එවිට දැල්ල මැද සුදු පාට තිතක් පෙනෙයි. මවුස් එකෙන් ඒ තිත දැල්ලේ පහල කෙළවරට ගෙනියන්න. දැන් ටයිම් ලයින් එකේ 5 ෆ්‍රේම් එකේ F6 ඔබල කී ෆ්‍රේම් එකක් අරින්න. modify>transform> scale and rotate ගිහින් එහි අංශක ගණන -15 කරන්න. ටයිම් ලයින් එක