නටන අකුරු
ඉස්සෙල්ලම කියන්න ඕන මගේ බ්ලොග් එකේ තියෙන සමහර animation, මවුස් එක right click කරල copy & paste කරගන්න පුළුවන් තමන්ගෙ වෙබ් අඩවියක හෝ ඊ මේල් එකක. ඒකට මගේ අමනාපයක් නෑ. මගේ " ගී සර රංගන" පෝස්ටුවේ පහලින්ම තියෙන නටන අකුරු හදන්නෙ කොහොමද කියල කෙනෙක් ඇහුව. මෙහෙමයි.. සිංහළෙන් හෝ ඉංග්‍රීසියෙන් කැමති දෙයක් ටයිප් කරගන්න. වචනේ දිග වැඩිවෙන්ට , වැඩිවෙන්ට වැඩ වැඩි වෙයි. මම ගන්නවා " TEST " කියන වචනෙ. එක පාරක් break apart කර ගන්න. ඊට පස්සෙ කී බෝඩ් එකේ ctrk+shift+D එකවර ඔබන්න. එවිට අර අකුරු ටික ලෙයර්ස් වලට යයි. උඩින්ම තියෙන " T" අකුර තියෙන ලෙයර් එකට ගිහින් 5 , 10 ෆ්‍රේම් වල F6 ඔබල කී ෆ්‍රේම් අරින්න. ආපහු 5 ට් ගිහින් , පහල Tween පැනල් එකේ motion, select කරල Rotate එක CW (clock wise) කරන්න. ඊ ළඟට දෙවන අකුර වන "E" ලේයර් එකේ 8 , 15 ෆ්‍රේම් වල F6 ඔබල කී ෆ්‍රේම් අරින්න. ආපහු 8 ට ගිහින් පහල පැනල් එකේ rotate CW කරන්න .මගේ උදාහරණෙ හැටියට අන්තිම අකුර තියෙන කී ෆ්‍රේම් එකේ F5 ඔබන්න. අනික් ලේයර්ස් වලත් ඒ විදියටම කරන්න. ...