Posts

Showing posts from August, 2013

ෆ්ලෑෂ්... අපේ පාර්ලිමෙන්තුව

Image
ඉස්සර පාර්ලිමෙන්තුව තිබුනෙ ගාලු පාරෙ. ගෝල් ෆේස් එක ඉස්සරහ. දවසක් අපි ගමේ කට්ටිය එක් ක වන්දනා ගමනක් යනකොට ඔතනින් ගියා. නඩේ ගුරා වයසක උපාසක සීයා. හිටි ගමන් අසුනින් නැගිටල ආචාර කලා. තරුණ ගැටව්.. හා.. හා.. සීයෙ.. ඔය දළදා මළිගාව නෙවි කියල කොලොප්පම් කළා. උන් වැරදි.. සීයා හරි.. ඕක දළදා මාලිගාව වගේ ගාම්භීර තැනක්. ඉස්සර ඕක ඇතුලෙ හිටි එව්වොත් ඒ වගේම ගරු ගාම්භීරයි. උන්ගෙ නම් දිහා බැලුවම ඒක තේරෙනව. ඩඩ්ලි සේනානායක , ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක, ඊ.එල්. සේනානායක,ලලිත් ඇතුලත්මුදලි, ජේ.ආර්.ජයවර්ධන, කුමාර් පොන්නම්බලම්, ඒ.සී.එස්.හමීඩ්...ඇන්.ඇම්. පෙරේරා.. කොල්වින් ආර් ද සිල්වා දැන් ඉන්නෙ 2.50 උන්. උන් ගෙ නම්... ලාල්කාන්ත, කේ.පී. සරත් , ආර්.එම්. ගාමිණී.. කිසි වැදගත් කමක් නෑ. වැඩත් ඒ වගේමයි. ඉස්සර උන් පිල් මාරු කළෙත් නෑ.කැපුවත් කොළ.. කැපුවත් නිල්. මවුස් එකෙන් ඇදල බලන්න ඉතිරි වෙලා ඉන්න උනුත් ගන්න පුළුවන්ද කියල. ඔක්කොම හරි. රනිල් විතරක් ගන්න අමාරුයි නේද. ඌ ඔහොම්ම හිටියාවෙ. පිච්චියකට වැඩක් නැති එකෙක්. ඌ හරි නම් UNP එකට  ඔහොම වෙන්නෙ නෑ.   මේක කළේ මෙහෙමයි. ෆ්ලෑෂ් එක ඇරල.. රතු පාට රවුමක් හරි හතරැස්

ෆ්ලෑෂ් .....පිනිබිංදු

අද ටිකක් වෙනස් දෙයක් උගනිමු. මේකට කියන්නේ Shape Tweening. කියල. ඔබ ඕනෑ තරම් වෙබ් අඩවි වල දැකල ඇති අකුරු..පින්තූර බලන් ඉඳිද්දී වෙනස් වෙනව. ඒක කරන්නේ මෙහෙමයි. ෆ්ලෑෂ්  document එක ඇරියා. වම් පැත්තෙ text tool එක අරන් , සිංහළ ෆොන්ට්ස් අරගෙන අවශ්‍ය කරන පාට තෝරා ගෙන ෆොන්ට් size එකත් තෝරා ගෙන පිනි බිංදු කියල ටයිප් කළා. vertically  සහ horizontally  align කලා.ඊට පස්සෙ උඩින් තියෙන modify එකට ගිහින් break apart කියන එක දෙපාරක් ක්ලික් කලා. එවිට අර අකුරු ටික " තිත්.. තිත්.." වගේ පෙනෙයි. ඊට පස්සෙ time line එකේ 15 ෆ්‍රේම් එකට ගිහින් F6  එබුවා. ෆ්‍රේම් 15 දී පිනිබිංදු කියන වචනෙ delete කරල , english  ෆොන්ට් අරගෙන  පරණ size එකටම pini bindu  කියල ලියල කලින් විදියටම align  කලා. modify  ගිහින් දෙපාරක් break apart  කලා. ඊට පස්සෙ ෆ්‍රේම් 1 ගියා.පහල පැනල් එකේ tween කියන එකේ shape select කලා. එවිට ටයිම් ලයින් එකේ 1 සහ 15 ෆ්‍රේම් අතර ඉබේටම කොල පාට වෙලා ඊ තලයක් හැදෙයි. ඊට පස්සෙ movie එක ටෙස්ට් කරල බලන්න. ඔය තියෙන්නේ වැඩේ.  මෙන්න මේක දකින කොටයි මතක් උනේ... පිනි බිංදු කියල ලස්සන සංගීත සංදර්ශනය

ෆ්ලෑෂ් - දෙවියෝ...

Image
දෙවියන් කියන්නේ මිනිසුන්ට කරන්න බැරි දේ කරන මහා බලගතු කට්ටියක්නෙ. එකමත් එක කාලෙක එකමත් එක රටක දරුණු පාලකයෙක් හිටියා. ඉස්කෝලෙ යන කොලු කෙල්ලො , විශ්ව විද්‍යාල කාරයො ටයර් සෑ උඩ ඇරියා. ත්‍රස්තවාදීන්ට අවි ආයුද දුන්නා. ඇත්ත කතා කරන අය , විරුද්ධ මත දරණ අය අමු අමුවේ මරා දැම්මා. මෙයා නතර කරන්න කාටවත්ම බැරි උනා. පුළුවන් උනේ ප්‍රභාකරන්ට විතරයි. චණ්ඩි හිටියෙ වලිගෙ පුකේ ගහගෙන. ඒ නිසයි මට ඌ දෙවියෙක් වගේ පෙනෙන්නේ. ඒ විතරක් නෙවි කොමිස් කාක්කො, පගා කාරයො , මිනීමරුවො එක පොදියට අතු ගාල දැම්මෙ මෙන්න මෙයා තමයි. ප්‍රභා කළේ ලොකු යුද්ධයක්. ලොකු ගස් කපන කොට , අවට තියෙන කුඩා පැළෑටිත් චප්ප වෙනව වගේ, ඔය යුද්ධෙ නිසා අහිංසක ජීවිතත් විනාස උනා. දෙවියන් නැති තැන , පෙරේතයෝ , පිසාචයො , කුම්භාණ්ඩයො පිනුම් ගහනවලු. ඒකයි දැන් අපේ රටට වෙලා තියෙන්නේ. අනේ දෙවියනේ.. නැවත අප අතරට එනු මැනවි. මේක කළේ මෙහෙමයි. ෆ්ලෑෂ් පිටුව ඇරල , ලොකු රවුමක් ඇඳල , align  කරල F8 ඔබල movie  ක්ලිප් එකක් කළා. ෆ්‍රේම් 5 න් 5 ට K6 ඔබල , ඒ  ෆ්‍රේම් වලදි scale එක වෙනස් කළා. කී ෆ්‍රේම් අතර motion tween එකක් ඇරියා. වැඩේ සිම්පල්.

ෆ්ලෑෂ් - කටුස්සෝ..

කටුස්සෝ කියන්නේ පරිසරයට අනුරූපව ශරීරයේ පාට වෙනස් කරන සතුන් ජාතියක්. කිසි ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ටත් කටුස්සා කියල කියනව. අම්මට සිරි.... දයාසිරි. ගිය මාසෙ මහින්දට පළු යන්න බැන්න. මත්තලට අහස් යාත්‍රා එන්නෑල්ලු. හම්බන්තොටට නැව් එන්නෑල්ලු. මේ මාසෙ ඒ සේරම වෙනස් වෙල. දැන් මත්තලට අහස් යාත්‍රාත් එනව. හම්බන්තොටට නැවුත් එනව. මූ නියම පාහර කටුස්සෙක්. මට සැක හිතෙනව මූ කතා කරන්නෙ කටින්ද.. පුකෙන්ද කියලත්...

ෆ්ලෑෂ්--Night

මම ගොඩාක් ඉස්සර පුංචි කාලේ කළුවරට හරිම බයයි.  ඒ අත්තම්ම කියන රාස්සයින්ගේ... මෝහිනීලගෙ... බෝදිලිමගෙ කතා අහල. ඒත් ටිකෙන් ටික උස් මහත් වෙල තරුණ වයසට එන කොට රාත්‍රි කාලයේ අමුතුම සුන්දරත්වයක් දැනෙන්න පටන් ගත්ත. අපි දැන් දන්නව යම් වස්තුවක් ස්ටේජ් එක හරහ ගමන් කරවන හැටි. පාට වෙනස් කරන හැටි. වළාකුලක් හදන හැටි. සංගීතය මුසු කරන හැටි. හරියටම අන්තිම බස් එක ගියාම මම වත්ත පහල ගල උඩට යන්ව. ලස්සනට හඳ පායල. වවුලන් රංචුවක් තටු සළමින් ඉගිලිලා යනව. නිහඬතාවය බිඳිමින් බටනලා හඬක් ඈතින් ඇහෙනව.. තරු කැටයක් කඩා ගෙන වැටිල නිවිල යනව.  ම්..ම්..මේ වෙලාවට ගෑණු පරාණය කුත් ළඟ හිටියනම්...... ( මේ සේරම දේ මෙතෙක් ඉගෙන ගත්තු පාඩම් ඇසුරෙන්. ආ... වවුලන් පියාඹවන හැටි පස්සෙ කියන්නම් )

ෆ්ලෑෂ්.... Hot Air Baloon...

Image
තැන් තැන් වල ඉහල අහසේ මල් වට්ටියක් වගේ හොට් බැලූන් මිනිසුන් පුරව ගෙන හිමීන් හිමීන් ගමන් කරනව මම දැකල තියෙනව. උඩ ඉඳන් අවට සිරි නරඹන්න මීට වඩා සුදුසු වාහනයක් නෑ. අනතුරුත් නැති තරම්. අපේ ආර්තිකයට නොගැලපෙන මහා පරිමාණයේ ප්‍රොජෙක්ට් වලට අපේ රට චීනෙට උකස් නොකර, අපේ රටේ සංචාරකයන් පිනවන්නට මේ වගේ දෙයක් පටන් නොගන්න එක අපේම අවාසනාව.  Hot Air Baloon.  එකක නැගල අපේ ගමට උඩින් යන්න ඇත්නම්...   මෙන්න මේ වගේ... </