Posts

Showing posts from 2013

ෆ්ලෑෂ් - වීඩියෝ...

Image
ෆ්ලෑෂ් වීඩියෝ එකක් හදන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. document එක අරින්න. import > video .   කොම්පියුටර් එකේ save කරල තියෙන එකක්  හෝ යූ ටියුබ් වීඩියෝ එකක්.  හැබැයි FLV  ෆෝමැට් එකේ වෙන්න ඕන. ඊට පස්සෙ අහන ඒවට උත්තර දෙන්න. අත හුරු කර ගත්තාම මේ  හදල තියෙන පිස්සු වීඩියෝ එක වගේ එකක් හදන්න පුළුවන්.

ගී සර රංගන

ගී සර  රංගන බොහොම සාර්තක  විදියට නිමා උනා. සුළු සුළු අඩු පාඩු තියෙන්න ඇති. මම අපේ කට්ටිය ගැන කියන්නම් නොදන්න අයට. අපේ කට්ටිය වයස අනුව බැලුවොත්  අවුරුදු 14 සිට හැට පැනපු අයගෙන්ද,  අධ්‍යාපන මට්ටම අනුව බැලුවොත්  මිඩ්ල් ස්කූල් යන අයගේ සිට පී. එච්. ඩී. කාරයන් ගෙන්ද  සමන්විතයි. අපි මේක පටන් ගත්තෙ මාස හයකට විතර කලින්. සමහර දාට ඇනහයිම් පන්සලෙත්  සමහරදාට  ජයසිංහ මෝල් එකෙත් පුහුණුවීම පැවැත් උනා.  කට්ටිය රැස් කරන එක හරිම අමාරු වැඩක්. සමහරු හැතැප්ම 100 ක් විතර  දුර ඉඳල  එන්නෙ. සමහරු වැඩ. තවත් සමහරුන්ට තවත් පුද්ගලික වැඩ. කොහොම හරි ඔය පුහුණු වීම් එකම සතුටු සාගරයක්. සමහරු වඩේ හදා ගෙනව.  පැටිස්.. කට්ලස්...එක එක විදියේ කෑම. පුහුණුවීම් අස්සෙ කනව දැක්කොත් සුනේත්‍රගෙන් බැනුම් කෝටියයි.  හොරෙන් හොරෙන්ම වොඩ්කා බෝතලේකුත් හිස් වෙනව.  විවේක කාලෙ ඩබල් මීනිං කතා,  කුණුහරප වල් කතා , පිස්සු කතා ඒවයින් අඩුවකුත් නෑ. නොවැම්බර් 8 හවස ඩ්‍රෙස්  රිහර්සල් .. කිසිම කෙනෙක් ලෑස්ති නෑ. එකම අවුල් ගොඩක්. කෝරස් ඇහෙන්නෙ නෑ. දෙබස් කට පාඩම්  නැහැ.   සුනේත්‍රගෙ මූන ඇඹුල් වෙලා. එදා ගෙවල් වලට යනකොට රෑ 12.00 ත් පහුවෙලා. අපි හැමෝට

බ්ලිම්ප්... BLIMP

Image
බ්ලිම්ප් එකක් කියන්නෙ බැලූන් එකක් වගේම එකක්. වෙනසකට තියෙන්නෙ මෙහි ප්‍රොපෙලර් එකක් සහිත කුඩා ඇන්ජිමක් තියෙනව. නියමුවෙක් ඉන්නව. සමහර ඒවායේ ඇතුල කුඩා ගුවන් යානයක් වගේ. ප්‍රචාරක කටයුතු සඳහාත් , ඉහළ අහසේ සිට අවට විසිතුරු නරඹන සංචාරකයන් පිනවීමටත් මෙය යොදා ගන්නවා. බ්ලිම්ප් එකක PNG එකක් ෆ්ලෑෂ් එකට ගෙනල්ල අවශ්‍ය ගානට දිග පළල දීල F8 එබුවා.movie ක්ලිප් එකකට convert කළා. ඉන් පසු selection ( V ) ටූල් එක අරන් බ්ලිම්ප් එක උඩ ඩබ්ල් ක්ලික් කළා. අළුත් පිටුවක් ඇරුනා. මින් පසුව අවශ්‍ය දේ කරන්නේ මේ  අළුත් පිටුවේ. නැවත F8 ඔබල අළුත් movie ක්ලිප් එකක් හැදුවා. ඇලුත් ලේයර් එකක් ඇරියා. ඒ දෙවන ලේයර් එකේ 1 ෆ්‍රේම් එක තෝරලා අවශ්‍ය දේ ටයිප් කළා. F8 ඔබල මොවී ක්ලිප් එකක් කළා. ෆ්‍රේම් 25 ට ගිහින් F6 ඔබල අර කලින් ටයිප් කළ දේ කලර් පැනල් එකට ගිහින් alpha අගය " 0 " කළා. අලුත් දෙයක් ටයිප් කරල F8 එබුවා. ෆ්‍රේම් 50 ට ගිහින් F6 ඔබල අර දෙවෙනියට ටයිප් කල දේ alpha අගය " 0 " කළා. කී ෆ්‍රේම් අතර motion tween එකක් ඇරියා. ආපහු scene 1 ට ගිහින් 50 හෝ කැමති ගානක කී ෆ්‍රේම් එකක් ඇරල බ්ලිම්ප් එක වෙන තැනකට අරන් ගිහ

බයිස්කෝප්

මේකෙ හරි වචනෙ "bio-scope " වෙන්න ඕන. මම ඉස්සෙල්ලම බයිස්කෝප් එකක් දැක්කෙ අපෙ ගමේ පන්සලේදි. ඒ කෘෂිකර්මෙන් ආ කට්ටියක් ගෙවතු වගාව ගැන පෙන්නපු එක. ඉස්සෙල්ලම සුදු පාට ෆොක්සෝගන් වෑන් එකකින් ආ කට්ටිය හීනි දිග පෙට්ටියක් බිමට ගත්තා. ඒකෙ හිලකට යතුරක් වගේ එකක් දාල කැරකුව. සුදු පාට රෙද්දක් ඉස්සුනා. ඒ තමා තිරය. ඊට පස්සෙ මොකක්ද මැෂිමක් වගේ එකක් එළියට අරන් ඒකෙ කොකු දෙකකට ලොකු රෝද දෙකක් හයි කළා. මැෂිමෙ තව හිලකින් එළියක් විහිදුනා අර තිරය උඩට. මට ඔය සේරටම වැඩිය හිත ගියේ අර කැරකෙන රෝද වලටයි අර දඟලන එළියටයි. මම මේ ළඟකදි දැක්ක පරණ ප්‍රොජෙක්ටර් එකක් එය 12 x 12 කාමරයක් තරම් විශාලයි. දැන් නම් තියෙනවා අල්ල උඩ තියා ගෙන යන්න පුළුවන් තරම් හුරු බුහුටි එව්ව. මේ මං හැදූ ප්‍රොජෙක්ටරේ. මේ තිරයේ වැටෙන්නේ... එන නොවැම්බර් 9 සෙනසුරාදා සුනේත්‍රා සරච්චන්ද්‍ර ඉදිරිපත් කරන " ගී සර රංගන " ට සහභාගි වන ශිල්පීන් ගෙන් කොටසක්.

ඩිජිටල් ඔරලෝසු

Image
ඉස්සර අපේ තාත්තා , මාමලා , බාප්පලා එකතු උනාම එක එක දේවල් ගැන වාද වෙනව. තමන්ගෙ අත් ඔර්ලෝසුවෙ වෙලාව ගැන එහෙම.  දහ දෙනෙකුගෙ අත් ඔර්ලෝසුවල වෙලාවල් දහයක්. නැවක වැඩ කළ අපෙ නෑයෙක් හිටිය මිනිහ ළඟ තිබුණ " සී කෝ " අත් ඔර්ලෝසුවක්. අන්තිමට එයාගෙ වෙලාව තමා හරි වෙලාව හැටියට ගැනෙන්නේ. මේ කටු ඔර්ලෝසු බොහෝ විට හරි වෙලාව පෙන්වන්නෙ නැහැ. ඊට හේතු කීපයක් තියෙනව. ඒකට පස්සෙ ආපු ඩිජිටල් ඔරලෝසු... අන්න  බඩු. ෆ්ලෑෂ් එකේ ලේයර්ස් තුනක් අරින්න. පහල එක background අනික text උඩම එක action. 1 ලේයර් එකේ තමන්ට කැමති විදියකට ඔරලෝසු මූණ හදන්න. text ලේයර් එකට ගිහින් text tool එක ක්ලික් කරන්න. පහල dynamick text එක ක්ලික් කරන්න.  මගේ පින්තූරෙ විදියට රෙක්ටෑන්ගල් එකක් ඇරල අවශ්‍ය පාට හා සයිස් එක දෙන්න. පහල instance name   එක clock_txt 1 හා 2 ලේයර්ස් වල 2 ෆ්‍රේම් වල F5 ඔබල බ්ලෑන්ක් ෆ්‍රේම් අරින්න. ඇක්  ලේයර් එකේ 1 ෆ්‍රේම් එකේ මේ කෝඩ් එක ලියන්න. time=new Date(); // time object var seconds = time.getSeconds() var minutes = time.getMinutes() var hours = time.getHours() if (hours<12) { ampm

ද ක්ලොක්

මුස්ලිම් ස්ටෝර්ස් එකෙන් ගත්තු  " ද  ක්ලොක් " එක දැන් නෑ. ඒ උනාට රිසිට් එක නම් තියෙනවා. එය අඩි 4 1/2 ක් උසයි. පැද්දෙන බට්ටෙකුත් තිබුනා. පැය බාගෙන් බාගෙට සීනුවක් වැදුනා. අපේ තාත්තා තමයි ඕක වයින් කරල සුද්ද පවිත්‍ර කරල නඩත්තු කළේ. වයින් කරන්න වෙනම යතුරක් තිබුනා. පස්සෙ දවසක මම තාත්තට හොරෙන් ඕක ගැලෙව්ව. තිබුන විදියට මට ආපසු හදා ගන්න බැරි උනා. තාත්තා මට හොඳ ටොක්කක් ඇන්න.  අන්තිමට ඉතුරු උනේ දැති රෝද කීපයක් විතරයි. ඒ එක දහස් නමසිය බර ගණන්වල. තාත්ත මතක් වෙන්නත් එක්ක මම ඒ ජාතියෙන්ම එකක් ෆ්ලෑෂ් වලින් හදනවා. ගූගල් එකෙන් " ද ක්ලොක්" එකක රූපයක් හොයා ගත්තා. බට්ටෙකුයි , කටුත් හොයා ගත්ත. ඔරලෝසු ටියුටෝරියල් එක මීට කලින් දීල තියෙනවා. බට්ටා පැද්දෙන්නෙ අර පහන් දැල්ල හදපු විදියටමයි.

ෆ්ලෑෂ් - වෙලාව කීයද ?

Image
අපි වෙලාවට වැඩ කරන්න ඕන. ඒකට ඔර්ලෝසුවක් තියෙන්න ඕන. ඉස්සර කාලෙ නම් වෙලාව දැන් ගත්තෙ ඉර පායන කොට , තරු සළකුණු වලින්, කුකුළන් අඬලන කොට ,හෙවනැල්ලෙ දිග අනුව. පස්සෙ කාලෙක පෑ තැටිය කියල එකක් භාවිතා කළා. දැන් නම් එක එක සැම්පලේ ඔරලෝසු. රවුම් ඒවා , දිගටි ඒවා , හතරැස් ඒවා. පාට පාට ඒවා.. කටු නැති ඒවා ,ඉලක්කම් ඇති - නැති ඒවා. ඉස්සර නුවර ඔරලෝසු කණුව කිට්ටුව තිබුණ මුස්ලිම් ස්ටෝර්ස් කියල එකක්.  ඒකෙ උඩ තට්ටුවෙ මුස්ලිම් හොටෙල් එක. අපෙ ගෙදර තිබුණු උස බිත්ති ඔරලෝසුව අරන් තියෙන්නේ ඒ මුස්ලිම් ස්ටෝර්ස් එකෙන්. ජාතිය " The Clock " ගාණ කීයද රුපියල් 35.00 යි. Made in England. අපි හදමු ෆ්ලෑෂ් වලින් ඔරලෝසුවක්. ෆ්ලෑෂ් එක දිග ඇරල ලේයර්ස් 5 ක් අරින්න. 1 interface 2 second 3 minute 4 hour 5 action ඒ ලේයර්ස් 5 ඔය විදියට නම් කර ගන්න. 1 වන interface ලේයර් එකේ තමයි ඔරලෝසු මූණත. කැමති විදියකට හදා ගන්න. මම හදල තියෙනව රතු පාට රවුමක්. ස්ටේජ් එකේ  එළියට වෙන්න line ටූල් එක අරන් වෙනම පාටකින් තත්පර කටුව ඇඳ ගෙන F8 ඔබල movie clip  එකක් කරන්න. registration කියල එකක් පෙනෙයි. එහි පහත මධ්‍ය ලක්ෂ්‍යය ක්ලික්

පරණ තාලෙ ඇඩ්වර්ටයිසින්

ෆ්ලෑෂ් - දුම්

Image
ෆ්ලෑෂ් වලින් පුළුවන් ගින්නක් නැතිවම දුමක් හදන්න. අපි හදමු එපාම කරපු දුමක්. ඒ සිගරට් දුම.  සමහරුන්ට නම් දුම නැතුව බෑ.  කෑමට පසුව , සීතලට , තනිකමට , පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මම , කක්කුස්සි යන්ට.... මේ සේරම බොරු.                                                                                                                                                                                             අළුත් එක්කම සිගරට් එකක PNG එකක් හොයා ගත්ත. පසුබිම කළු හෝ තද නිල් පාට. අළුත් ලේයර් එකක් ඇරල pencil ටුල් එකෙන් දුමක් වගේ දෙයක් ඇන්ද. F8 ඔබල movie ක්ලිප් එකකට convert කලා. පහල properties පැනල් එකේ + ලකුණ් ක්ලික් කළා. blur කියන එකේ X හා ‍Y අගයන් 5 ලෙස දුන්න. කලර් පැනල් එකට ගිහින් alpha අගය 69% කළා. දුම අළු තියෙන හරියට ගෙනාවා. කලර් පැනල් එකේ alpha අගය "0" කළා. ෆ්‍රේම් 40 කී ෆ්‍රේම් එකක් ඇරියා. දුම ටිකක් ඉහල අරන් ගියා V ටූල් එකෙන්. ෆ්‍රේම් 1 හා 40 අතර motion tween එකක් ඇරියා. ෆ්‍රේම් 100 තව කී ෆ්‍රේම් එකක් ඇරියා F6 ඔබල. දුම තව ටිකක් උඩට අරන් ගිහින් 40 හා 100 අතරත් motion tween එකක

විවාහය වනාහී...

Image
විවාහය වනාහී... විවාහය චුයින්ගම් එකක් මෙනි තත්පර කීපයක රසය ගෙන දෙන අනතුරුව නී රස කොහොල්ලෑ ගුලියක් වන එහෙත් දා ගෙනම හපන.... husband and wife like a two sides of coin doesn't want to face each other but, still wants to stick together... මේ පෙර - අපර දිග පඬි වදන් ඕව අපිට නම් අදාල නෑ අපි අදත්, එදා වගේමයි. ඔක්තොබර් 5 දාට අපි බැඳල අවුරුදුම 28 ක්.. coin එකක PNG එකක් හොයා ගත්ත. ගෑණු පිරිමි මූණු දෙකකුත් හොයා ගත්ත. photoshop එකෙන් coin දෙකට රූප දෙක එකතු කළා වෙන වෙනම. රූප දෙක අඩංගු coin දෙක ෆ්ලැෂ් library එකට ඉම්පොර්ට් කලා. 1 රූපය ස්ටේජ් එකට ගෙනාවා. vertically & horizontally  align කලා. F8 ඔබල movie clip එකකට convert කලා. ෆ්‍රේම් 5 ට ගිහින් අර රූපය කලින් විදියටම align කරල උස වෙනස් නොකර පළල විතරක් 25 කින් අඩු කළා. ඔය විදියටම ෆ්‍රේම් 5 න් 5 ට කී ෆ්‍රේම් ඇරල ඒ කී ෆ්‍රේම් වලදී රූපය align  කරල උස වෙන නොකර පළල විතරක් අඩු කළා රූපය හීන් තීරුවක් වෙන තුරු. හීන් තීරුව තියෙන ෆ්‍රේම් එක 80 නම් 81 කී ෆ්‍රේම් එකක් ඇරල right click  කරල swap symbol  ක්ලික් කරල අනෙක්

" ජෝති- මිල්ටන් " රාත්‍රිය

සුපුන් ද සිල්වා  ඉදිරිපත් කරන " ජෝති- මිල්ටන් " රාත්‍රිය සැප්: 28 සෙනසුරාදා අපට පුරුදු  Duarte   රංග ශාලාවේදී. හැමෝම එන්න..  මේක මෙහෙමයි කළේ; google  එකෙන්  Los Angeles - Downtown, image එකක් හොයා ගත්තා. ෆ්ලෑෂ් එකට ගෙනාවා. දිග - පළල දීල align කළා. අලුත් ලේයර් එකක් ඇරල කුඩා අහස් යානයක (PNG) රූපයක් හොයා ගෙන ඉම්පොර්ට් කළා.F8 ඔබල movie ක්ලිප් එකක් කළා. බැනර් එකත් ඒ වගේමයි හැබැයි හිස් බැනර් එකක්. F8 ඔබල movie ක්ලිප් එකක් කළා.  ඒ රූප දෙකම ගානට සෙට් කරල line ටූල් එක අරන් ඒ රූප දෙක එකට යා කළා. ctrl+G  ඔබල රූප දෙකයි , ලනුවයි group  කළා. V ටූල් එක අරන් ඔය රූප සෙට් එක උඩ ඩබල් ක්ලික් කලා. ඊට පස්සෙ text ටූල් එකෙන් අවශ්‍ය දේ ලිව්ව. ආපහු scene 1 ට ගිහින් .. මෝෂන් tween එක අරින හැටි දන්නවානෙ.....

නටන අකුරු

Image
ඉස්සෙල්ලම කියන්න ඕන මගේ බ්ලොග් එකේ තියෙන සමහර animation,  මවුස් එක right click කරල copy & paste  කරගන්න පුළුවන් තමන්ගෙ වෙබ් අඩවියක හෝ ඊ මේල් එකක. ඒකට මගේ අමනාපයක් නෑ. මගේ " ගී සර රංගන" පෝස්ටුවේ පහලින්ම තියෙන නටන අකුරු හදන්නෙ කොහොමද කියල කෙනෙක් ඇහුව. මෙහෙමයි.. සිංහළෙන් හෝ ඉංග්‍රීසියෙන් කැමති දෙයක් ටයිප් කරගන්න. වචනේ දිග වැඩිවෙන්ට , වැඩිවෙන්ට වැඩ වැඩි වෙයි. මම ගන්නවා " TEST " කියන වචනෙ. එක පාරක් break apart කර ගන්න. ඊට පස්සෙ කී බෝඩ් එකේ ctrk+shift+D එකවර ඔබන්න. එවිට අර අකුරු ටික ලෙයර්ස් වලට යයි. උඩින්ම තියෙන " T" අකුර තියෙන ලෙයර් එකට ගිහින් 5 , 10 ෆ්‍රේම් වල F6 ඔබල කී ෆ්‍රේම් අරින්න. ආපහු 5 ට් ගිහින් , පහල Tween  පැනල් එකේ motion, select කරල Rotate  එක CW (clock wise)  කරන්න. ඊ ළඟට දෙවන අකුර වන "E" ලේයර් එකේ 8 , 15 ෆ්‍රේම් වල F6 ඔබල කී ෆ්‍රේම් අරින්න. ආපහු 8 ට ගිහින් පහල පැනල් එකේ rotate  CW  කරන්න .මගේ උදාහරණෙ හැටියට අන්තිම අකුර තියෙන කී ෆ්‍රේම් එකේ F5 ඔබන්න. අනික් ලේයර්ස් වලත් ඒ විදියටම කරන්න.

ෆ්ලෑෂ් සින්දු

Image
ෆ්ලෑෂ් සින්දු බොත්තම බලපු කීප දෙනෙක් මට ඊ මේල් කරල තිබුන පොඩි  අවුලක් ගැන. ඒ මවුස් එක එක පාරකට වැඩිය ජෝතිගෙ රූපෙ උඩට ගෙනාවාම එක උඩ එක වාදනය වෙනව කියල. ඒකට අපි මෙහෙම කරමු. පොඩි code කෑල්ලක් නැත්නම් පොඩි action script  එකක් ලියමු. කලින් වගේම පින්තූරයක් ගෙනල්ල F8 ඔබල movie ක්ලිප් එකක් විදියට convert කරමු.කලින් වගේම සිංදුවක් library එකට ඉම්පොර්ට් කර ගන්න. සිංදුව right ක්ලික් කරන්න. linkage  එකේ හිස් කොටු තුන select කරන්න. ඉන් පසුව අළුත් ලේයර් එකක් ඇරල , අර පින්තූරෙ උඩ හෝ පැත්තකින් පොඩි button දෙකක් ඇඳ ගන්න. ඒ play සහ stop button. play/stop කියල ලිව්වත් කමක් නැහැ. ඉන් පස්සෙ ඒ දෙක වෙන වෙනම F8 ඔබල movie ක්ලිප් හැටියට convert කර ගන්න. instance name එක පිළිවෙලින් " on_btn"  සහ " off_btn" විදියටම දෙන්න. ඊළඟට දෙවන ලේයර් එකේ 1  frame එකට ගිහින් action select කරල මේ පොඩි action script එක ඒ විදියටම ලියන්න.   stop(): var my_sound:Sound = new Sound(); my_sound.attachSound("sound_id"); on_btn.onPress = function() { my_sound.start(); }; off_bt

ෆ්ලෑෂ් බොත්තම් - සින්දු

Image
තවත් අපේම කෙනෙකුට තල්ලුවක් දෙන්න මම මගේ ෆ්ලෑෂ් පාඩම යොදා ගන්නවා. ෆ්ලෑෂ් බොත්තමකින් සින්දුවක් අහන්නේ කොහොමද කියල බලමු. අපේ කාලෙ ගායකයො දෙන්නෙක් තමා ජෝතියි , මිල්ටන් මල්ලවාරච්චියි.  ඒ කාලෙ ජෝති ගෙ සින්දුවක් නැත්නම් ඒ බයිස්කෝප් එක බලල වැඩකුත් නෑ. මිල්ටනුත් ඒ වගේ මයි. බොක්ක කඩා ගෙන යන ලව් සින්දු තමා කීවෙ. අපි අතරම ඉන්න සුපුන් සංගීත සංදර්ශනයක් කරනව. වැඩි විස්තර පහළ තියෙන පෝස්ටර් එකෙන් බලා ගන්න පුළුවන්.  මේවට කොහොම හරි සහභාගි වෙන්න. ඉන්ටවර්ල් එකට කාගෙ හරි ට්‍රන්ක් එකක් අරින්නත් එක්කම එන්න. මම උදාහරණෙන්ම පැහැදිලි කරන්නම්. ඊට කලින් සිංදුවක් හොයා ගෙන ඩවුන්ලෝඩ් කර ගන්න. ෆ්ලෑෂ් එක ඇරියා. ජෝතිගෙ පින්තූරයක් ගෙනාවා. F8 ඔබල button එකක් විදියට convert  කලා. V  ටූල් එක අරන් පින්තූරය ඩබල් ක්ලික් කලා. කොටු හතරක් ආවා. up-over-down-hit  කියල. hit එකට ගිහින් F6 ඔබල key frame එකක් ඇරියා. අර සින්දුව ඉම්පෝර්ට් කළා  පින්තූරෙ උඩට නෙවෙයි library එකට. ඊට පස්සෙ පොඩි වැඩක් තියෙනව.library එකෙන් අර සින්දුව පින්තූරෙ උඩට drag කරල.. ආපහු library එකට ගිහින් සින්දුව right click කරන්න. එවිට lin

ෆ්ලෑෂ් - බොත්තම්

Image
Flash Buttons  ගැන ඉගෙන ගැනීමත් ගොඩාක් වෙලාවට අවශ්‍ය වෙනව වෙබ් අඩවි එහෙම හදන කොට. අපි මුලින්ම  සරල බොත්තමකින් පටන් ගනිමු. පින්තූරයක් ලොකු කරන්නෙ කොහොමද කියල. flash document  එක ඇරල කුඩා පින්තූරයක් පුළුවන් නම් මුද්දරයක සයිස් එකක්.. ස්ටේජ් එකට import  කරන්න. F8  ඔබන්න. මතක් කරල button  එකක් හැටියට convert කර ගන්න. ඉන් පසුව වම් පැත්තෙ selection tool එක (V) අරන් අර පින්තූරය උඩ ඩබල් ක්ලික් කරන්න. එවිට අළුත් පිටුවක් ඇරෙයි කුඩා  කොටු 4 ක් සහිත.up-over-down- hit කියල. ඉන් දෙවන කොටුව select කරල F6 ඔබන්න. ඊ ළඟට අර කලින් පින්තූරය මුල් පින්තූරය උඩටම  ඉම්පොර්ට් කරල scale එක වැඩි කරන්න. movie  එක ටෙස්ට් කරන්න. මවුස් එක කිට්ටු කරන කොට අර පින්තූරය ලොකු වෙයි.

ගී සර රංගන

Image
පිනි බිංදු ඉවර උනා විතරයි. තව එකක්..ඊ ළඟට තවත් එකක්. මේ එකක්වත් අත අරින්න පුළුවන් ඒවා නෙවෙයි.  ගී සර රංගන කියන්නේ පැරණි නාට්‍ය ගී හා නැටුම් වල එකතුවක්. මම හිතනවා මේකත් ලස්සන හැන්දෑවක් වෙයි කියලා.  තියෙන්නේ Hermosa Beach රඟහළේ...  Date:  Nov. 09th( Saturday) 2013 6.30p.m.  Parking Free.. ඒත් ටිකක් කල් වේලා ඇතුවා ආවොත් හොඳයි.   මේ ෂෝ එක ඉදිරිපත් කරන්නේ , සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා , තවත් එක් ගැහැණියක් වගේ නිර්මාණවල කටුක ජීවිතයක් ගෙවන ගැහැනියක් ලෙස රඟ පෑ,  ඒ වගේම අප ජීවත්වන යතාර්තවාදී සමාජයේ එදිනෙදා ගැටුම් රැගත් දූ දරුවෝ ටෙලි නාට්‍යයේ කුසුමලතාට පණ දුන් . . ඒ සේරටම වඩා කවදාවත් මතකයෙන් ඈත් නොවන සිංහබාහු- මනමේ -මහාසාර නාට්‍ය බිහි කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දියණිය සුනේත්‍රා....   අන්න බලන් සඳ... ඇහැල ගහේ මල් පිපිලා... කුමටද සොබනියේ වගේ ගී ඕන තරම් අහල ඇති.. පාටි වල ගයල ඇති.. කී පාරක් ඇහුවත් අද අළුතින් අහනවා වාගේ මට නම් දැනෙන්නේ.  ෆොටෝ ෂොප් එකෙන් Curtain එකක් හදන්නත් පුළුවන්. මම නම් මේක කළේ මෙහෙමයි. google එකෙන් වැසුනු  curtain එකක් තියෙන ස්ටේජ් එකක පින්තූරයක

ඉන්දුට මල් මිටක්

Image
ගොඩාක් අවිවේකී සතියක්. බ්ලොග් එක update  කරන්න බැරි උනා. ෆ්ලෑෂ් , ෆොටෝ ෂොප් වගේ දේවල් නිතරම කරන්න ඕන. නැත්නම් අමතක වෙනව. අද ලියමු පිනි බිංදු ගැන පසු වදනක්. අපි නම් කරමු ඒක " ඉන්දුට මල් මිටක් " කියල. මම ටිකට් එකක් අරන්  වාඩි වෙලා ෂෝ එක බලන්න ආසාවෙන් හිටියේ. ඒත් අන්තිම මොහොතේ ස්ටේජ් එක පිටි පස්සට වෙලා යමක් කරන්න නියම උනා.  සුළුවෙන්  හෝ ඊට සම්මාදම් වෙන්න ලැබීමත් පිනක්. හවුස් ෆුල් නෑ. ඒත් ඇවිල්ල හිටිය කට්ටිය දැක්කම සතුටුයි. සරත් ගුණපාල , ජසෙන්තුලියන  වගේ උගතුන්. සිංහළ කම අගයන පිරිසක්. මගේ කණටම ඇහුන කීප දෙනෙක්ම කියනව ඇමරිකාවෙ දැක්ක හොඳම ෂෝ එක කියල. ඒත් පිටි පස්සෙ හිටිය මට ගොඩාක් අඩු පාඩු පෙනුන. ඒව සුළු දේවල්. මෙච්චර ලොකු පිරිසක් එක්ක වැඩ කරන කොට එහෙම වෙනව.  ඒත් ඊට කලින් දා dress rehearsal  එකක් දැම්ම නම් ඒ අඩු පාඩුත් අවම කර ගන්න තිබුන. ඇමරිකන් විදියට මමත් WOW  කියල කියනව. මේ මල් පොකුර ඉන්දු ඇතුලු කලාකරුවන් සැමට.. මා  ගානේ. මේකත් හැදුවෙ ෆොටෝ ෂොප් එක සහ ෆ්ලෑෂ්  ආශ්‍රය කර ගෙන. ටියුටෝරියල් එක ඕනම නම් ක්‍රෙඩිට් කාඩ් අංකය දෙන්න. We accept all major credit cards.

නිවසක් විකිණීමට තිබේ.

මගේ ගෙදර විකුණන්න දාල තියෙන්නෙ. කාමර 3 යි. Bath Room  එක හමාරයි. කුස්සිය. සාලෙ. ලොකු පැටියෝ එකක්. ගෙදර බලන්න කට්ටිය ආවට අපි ගෙදර නෑ. ඒ නිසා මම ෆ්ලෑෂ් දැනුම උපයෝගී කර ගත්තා. එච්චර ලොකු වැඩක් නෙවි. අවශ්‍ය පින්තූර ටික හොයා ගෙන ෆ්ලෑෂ් එකේ ස්ටේජ් එකට ගෙනල්ල  සයිස් එක අඩු වැඩි කරල motion tween එකක් හැදුව. </

පිනි බිංදු.. ලබන සෙනසුරදා..

Image
පිනි බිංදු ..... මේ ගැන ආයෙමත් ලියන්න හිතුවෙ.. දැන් දිනේ අත ළඟටම ඇවිල්ල. මෙයාල මහන්සි වෙන හැටි දැක්කම ලොකු දුකකුත්.. ආදරයකුත් තවත් මොකක්දෝ හැඟීමකුත්.. නිකං දේශප්‍රේමය.. අපේකම වගේ  එකකුත් ඇතිවෙනව. මේවට සහභාගි වෙන අය සමහරු හැතැප්ම 50 කට 60 කට වැඩිය දුර ගෙවා ගෙන එන්නේ. මම හොඳට දන්නවා මේවයින් මුදල්මය වාසියක් ලැබෙන්නේ නැති වග. අන්තිමට ඉතිරි වෙන්නේ මානසික සහනයක් විතරයි. හැම සිකුරාදාකම වාගේ ඉන්දුලගෙ ගෙදර කට්ටිය  පිරිල. ඒ එන අයත් හිස් අතින් එන්නේ නෑ. මොනව හරි කෑමක් බීමක් අරන්. ඒ තමා මම අර කලින් කීව අපේකම. තවමත් නොනැසී තියෙන අපේ ලස්සන දේවල්. ගෙට ගොඩ වෙන කොටම ඉන්දු හැමෝම පිළි ගන්නව. ඊළඟට කන්න බොන්න පෙරැත්තෙ. හැමෝටම නෑ කමක් කියල කතා කරනව. මල්ලී.. පුතේ... දුවේ.. කියල. මේ අපේ දේවල් තවත් අවුරුදු ගාණකට ඉස්සරහට ගෙනියන්න නේද මේ කට්ටිය මේ දහිරිය දාන්නෙ.. ඩොලර් 20 කට ඇයි මේ මිළ කරල ට්කට් එකක් මේක ඊට වඩා කීප ගුනයක් වටිනව ඇවිල්ලම බලන්න. දකුණු කැලිෆෝනියාවේ පදිංචි සැමටයි මේ ආරාධනා. (අනික් අයත් ආවට වරදක් වෙන්නෙ නෑ)  ..  ගොඩක් දවසකින් මගේ බ්ලොග් එක update කරන්න බැරි උනා. මේක කරන්න නම්

ෆ්ලෑෂ්... අපේ පාර්ලිමෙන්තුව

Image
ඉස්සර පාර්ලිමෙන්තුව තිබුනෙ ගාලු පාරෙ. ගෝල් ෆේස් එක ඉස්සරහ. දවසක් අපි ගමේ කට්ටිය එක් ක වන්දනා ගමනක් යනකොට ඔතනින් ගියා. නඩේ ගුරා වයසක උපාසක සීයා. හිටි ගමන් අසුනින් නැගිටල ආචාර කලා. තරුණ ගැටව්.. හා.. හා.. සීයෙ.. ඔය දළදා මළිගාව නෙවි කියල කොලොප්පම් කළා. උන් වැරදි.. සීයා හරි.. ඕක දළදා මාලිගාව වගේ ගාම්භීර තැනක්. ඉස්සර ඕක ඇතුලෙ හිටි එව්වොත් ඒ වගේම ගරු ගාම්භීරයි. උන්ගෙ නම් දිහා බැලුවම ඒක තේරෙනව. ඩඩ්ලි සේනානායක , ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක, ඊ.එල්. සේනානායක,ලලිත් ඇතුලත්මුදලි, ජේ.ආර්.ජයවර්ධන, කුමාර් පොන්නම්බලම්, ඒ.සී.එස්.හමීඩ්...ඇන්.ඇම්. පෙරේරා.. කොල්වින් ආර් ද සිල්වා දැන් ඉන්නෙ 2.50 උන්. උන් ගෙ නම්... ලාල්කාන්ත, කේ.පී. සරත් , ආර්.එම්. ගාමිණී.. කිසි වැදගත් කමක් නෑ. වැඩත් ඒ වගේමයි. ඉස්සර උන් පිල් මාරු කළෙත් නෑ.කැපුවත් කොළ.. කැපුවත් නිල්. මවුස් එකෙන් ඇදල බලන්න ඉතිරි වෙලා ඉන්න උනුත් ගන්න පුළුවන්ද කියල. ඔක්කොම හරි. රනිල් විතරක් ගන්න අමාරුයි නේද. ඌ ඔහොම්ම හිටියාවෙ. පිච්චියකට වැඩක් නැති එකෙක්. ඌ හරි නම් UNP එකට  ඔහොම වෙන්නෙ නෑ.   මේක කළේ මෙහෙමයි. ෆ්ලෑෂ් එක ඇරල.. රතු පාට රවුමක් හරි හතරැස්

ෆ්ලෑෂ් .....පිනිබිංදු

අද ටිකක් වෙනස් දෙයක් උගනිමු. මේකට කියන්නේ Shape Tweening. කියල. ඔබ ඕනෑ තරම් වෙබ් අඩවි වල දැකල ඇති අකුරු..පින්තූර බලන් ඉඳිද්දී වෙනස් වෙනව. ඒක කරන්නේ මෙහෙමයි. ෆ්ලෑෂ්  document එක ඇරියා. වම් පැත්තෙ text tool එක අරන් , සිංහළ ෆොන්ට්ස් අරගෙන අවශ්‍ය කරන පාට තෝරා ගෙන ෆොන්ට් size එකත් තෝරා ගෙන පිනි බිංදු කියල ටයිප් කළා. vertically  සහ horizontally  align කලා.ඊට පස්සෙ උඩින් තියෙන modify එකට ගිහින් break apart කියන එක දෙපාරක් ක්ලික් කලා. එවිට අර අකුරු ටික " තිත්.. තිත්.." වගේ පෙනෙයි. ඊට පස්සෙ time line එකේ 15 ෆ්‍රේම් එකට ගිහින් F6  එබුවා. ෆ්‍රේම් 15 දී පිනිබිංදු කියන වචනෙ delete කරල , english  ෆොන්ට් අරගෙන  පරණ size එකටම pini bindu  කියල ලියල කලින් විදියටම align  කලා. modify  ගිහින් දෙපාරක් break apart  කලා. ඊට පස්සෙ ෆ්‍රේම් 1 ගියා.පහල පැනල් එකේ tween කියන එකේ shape select කලා. එවිට ටයිම් ලයින් එකේ 1 සහ 15 ෆ්‍රේම් අතර ඉබේටම කොල පාට වෙලා ඊ තලයක් හැදෙයි. ඊට පස්සෙ movie එක ටෙස්ට් කරල බලන්න. ඔය තියෙන්නේ වැඩේ.  මෙන්න මේක දකින කොටයි මතක් උනේ... පිනි බිංදු කියල ලස්සන සංගීත සංදර්ශනය

ෆ්ලෑෂ් - දෙවියෝ...

Image
දෙවියන් කියන්නේ මිනිසුන්ට කරන්න බැරි දේ කරන මහා බලගතු කට්ටියක්නෙ. එකමත් එක කාලෙක එකමත් එක රටක දරුණු පාලකයෙක් හිටියා. ඉස්කෝලෙ යන කොලු කෙල්ලො , විශ්ව විද්‍යාල කාරයො ටයර් සෑ උඩ ඇරියා. ත්‍රස්තවාදීන්ට අවි ආයුද දුන්නා. ඇත්ත කතා කරන අය , විරුද්ධ මත දරණ අය අමු අමුවේ මරා දැම්මා. මෙයා නතර කරන්න කාටවත්ම බැරි උනා. පුළුවන් උනේ ප්‍රභාකරන්ට විතරයි. චණ්ඩි හිටියෙ වලිගෙ පුකේ ගහගෙන. ඒ නිසයි මට ඌ දෙවියෙක් වගේ පෙනෙන්නේ. ඒ විතරක් නෙවි කොමිස් කාක්කො, පගා කාරයො , මිනීමරුවො එක පොදියට අතු ගාල දැම්මෙ මෙන්න මෙයා තමයි. ප්‍රභා කළේ ලොකු යුද්ධයක්. ලොකු ගස් කපන කොට , අවට තියෙන කුඩා පැළෑටිත් චප්ප වෙනව වගේ, ඔය යුද්ධෙ නිසා අහිංසක ජීවිතත් විනාස උනා. දෙවියන් නැති තැන , පෙරේතයෝ , පිසාචයො , කුම්භාණ්ඩයො පිනුම් ගහනවලු. ඒකයි දැන් අපේ රටට වෙලා තියෙන්නේ. අනේ දෙවියනේ.. නැවත අප අතරට එනු මැනවි. මේක කළේ මෙහෙමයි. ෆ්ලෑෂ් පිටුව ඇරල , ලොකු රවුමක් ඇඳල , align  කරල F8 ඔබල movie  ක්ලිප් එකක් කළා. ෆ්‍රේම් 5 න් 5 ට K6 ඔබල , ඒ  ෆ්‍රේම් වලදි scale එක වෙනස් කළා. කී ෆ්‍රේම් අතර motion tween එකක් ඇරියා. වැඩේ සිම්පල්.

ෆ්ලෑෂ් - කටුස්සෝ..

කටුස්සෝ කියන්නේ පරිසරයට අනුරූපව ශරීරයේ පාට වෙනස් කරන සතුන් ජාතියක්. කිසි ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ටත් කටුස්සා කියල කියනව. අම්මට සිරි.... දයාසිරි. ගිය මාසෙ මහින්දට පළු යන්න බැන්න. මත්තලට අහස් යාත්‍රා එන්නෑල්ලු. හම්බන්තොටට නැව් එන්නෑල්ලු. මේ මාසෙ ඒ සේරම වෙනස් වෙල. දැන් මත්තලට අහස් යාත්‍රාත් එනව. හම්බන්තොටට නැවුත් එනව. මූ නියම පාහර කටුස්සෙක්. මට සැක හිතෙනව මූ කතා කරන්නෙ කටින්ද.. පුකෙන්ද කියලත්...

ෆ්ලෑෂ්--Night

මම ගොඩාක් ඉස්සර පුංචි කාලේ කළුවරට හරිම බයයි.  ඒ අත්තම්ම කියන රාස්සයින්ගේ... මෝහිනීලගෙ... බෝදිලිමගෙ කතා අහල. ඒත් ටිකෙන් ටික උස් මහත් වෙල තරුණ වයසට එන කොට රාත්‍රි කාලයේ අමුතුම සුන්දරත්වයක් දැනෙන්න පටන් ගත්ත. අපි දැන් දන්නව යම් වස්තුවක් ස්ටේජ් එක හරහ ගමන් කරවන හැටි. පාට වෙනස් කරන හැටි. වළාකුලක් හදන හැටි. සංගීතය මුසු කරන හැටි. හරියටම අන්තිම බස් එක ගියාම මම වත්ත පහල ගල උඩට යන්ව. ලස්සනට හඳ පායල. වවුලන් රංචුවක් තටු සළමින් ඉගිලිලා යනව. නිහඬතාවය බිඳිමින් බටනලා හඬක් ඈතින් ඇහෙනව.. තරු කැටයක් කඩා ගෙන වැටිල නිවිල යනව.  ම්..ම්..මේ වෙලාවට ගෑණු පරාණය කුත් ළඟ හිටියනම්...... ( මේ සේරම දේ මෙතෙක් ඉගෙන ගත්තු පාඩම් ඇසුරෙන්. ආ... වවුලන් පියාඹවන හැටි පස්සෙ කියන්නම් )

ෆ්ලෑෂ්.... Hot Air Baloon...

Image
තැන් තැන් වල ඉහල අහසේ මල් වට්ටියක් වගේ හොට් බැලූන් මිනිසුන් පුරව ගෙන හිමීන් හිමීන් ගමන් කරනව මම දැකල තියෙනව. උඩ ඉඳන් අවට සිරි නරඹන්න මීට වඩා සුදුසු වාහනයක් නෑ. අනතුරුත් නැති තරම්. අපේ ආර්තිකයට නොගැලපෙන මහා පරිමාණයේ ප්‍රොජෙක්ට් වලට අපේ රට චීනෙට උකස් නොකර, අපේ රටේ සංචාරකයන් පිනවන්නට මේ වගේ දෙයක් පටන් නොගන්න එක අපේම අවාසනාව.  Hot Air Baloon.  එකක නැගල අපේ ගමට උඩින් යන්න ඇත්නම්...   මෙන්න මේ වගේ... </

ෆ්ලෑෂ්.... සිංදු..

අපි අද බ්ලමු ෆ්ලෑෂ් වලින් සිංදුවක් වාදනය කරන්නේ කොහොමද කියල. ක්‍රම කීපයක්ම තියෙනවා. අපි බලමු ලේසි ඉක්මණ් ක්‍රමයක්. මෙය වැදගත් වෙන්නෙ වෙබ් අඩවි එහෙම හදන විට. සමහර විට ඔබ දැකල ඇති සමහර වෙබ් අඩවි අරින කොටම පසුබිමින් ගීයක් හෝ සංගීත ඛණ්ඩයක් ඇහෙනව. වෙලාවකට ඒක වාතයක් කියලත් හිතෙනව. ගීයක් අතරමැද නවත්තන්නෙ කොහොමද කියලත් , ආපසු වාදනය කරන්නෙ කොහොමද කියලත් මා කියල දෙන්නම් පස්සෙ. ඒකට ෆ්ලෑෂ් බොත්තම් buttons ගැන ඉගෙන ගන්න වෙනවා. ෆ්ලෑෂ් පේජ් එක ඇරල , කොම්පියුටරයේ my music  එකේ  save කර ඇති ගීයක් import  කරගන්න. පහල property පැනල් එකේ song  එකට ගියාම ඔබ import  කළ ගීය ඇති. එය තෝර ගන්න. එච්චරයි. ඉතිරි වැඩ කෑලි දාන එක ඔබට බාරයි </embed

ෆ්ලෑෂ් ... විහිළු...

ෆ්ලෑෂ් වලින් හිනා යන වැඩ කරන්නත් පුළුවන්. මේක මගේ අදහසක්. හැදුවෙ අර සල්යිඩ් ෂෝ එක හැදූ විදියටමයි.  මීට වඩා neat එකට ඔබට කරන්න පුළුවන් වෙයි.

ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක්.. ෆ්ලෑෂ් වලින්..

Image
අද මම කියල දෙන්නම් ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක් හදන හැටි. ලස්සන කෙල්ලන්ගෙ පින්තූර ටිකක් එහෙම දාල. සිම්පල්. ෆ්ලෑෂ් page එක ඇරියා. එක පින්තූරයක් ස්ටේජ් එකට ගෙනවා. දිග පළල මතක් තියා ගත්තා. align  කර ගන්න. F8 ඔබල movie clip එකකට හරව ගන්න. ටයිම් ලයින් එකේ 15,  කී ෆ්‍රේම් එකක් අරින්න F6 ඔබල. අලුත් ලේයර් එකක් අරින්න. ටයිම් ලයින් එකේ 15 කී ෆ්‍රේම් එකක් අරින්න. ඊ ළඟ පින්තූරය ස්ටේජ් එකට ගෙනත් කලින් එකේ දිග පළලම දීල align කර ගන්න.ටයිම් ලයින් එකේ 30 කී ෆ්‍රේම් එකක් අරින්න. ඔය විදියට කැමති පින්තූර ගණනක් අළුත් ලේයර් වල අරින්න. කී ෆ්‍රේම් අතර මෝෂන් ට්වීන් අරින්න. 15 සහ 30 ෆ්‍රේම් වලට ගිහින්, පහල color property panel එකේ brightness වෙනස් කරල , movie එක ටෙස්ට් කරල බලන්න.

ෆ්ලෑෂ්..... ක්‍රියේටිව් මාස්කින්.

Image
මාස්කින්ග්  වලින් හරි ලස්සන දේ කරන්න පුළුවන්. අපි බලමු පහනක දැල්ලක් සුළඟට නටන ආකාරය කොහොමද හදන්නෙ කියල. ෆ්ලෑෂ් පේජ් එක ඇරල,පසුබිම් වර්ණය කළු වගේ තද පාටක් දෙන්න. Line tool එක අරන් සිරස් රේඛාවක් අඳින්න. ඊට පසු selection tool එක ඒ රේඛාවෙ මැද හරියට කිට්ටු කළාම , ඊ තලයට පහලින් වක්‍රයක් පෙනෙයි. දැන් මවුස් එක පොඩ්ඩක් එහාට කළාම අර සිරස් රේඛාව දුන්නක් වාගේ ඇද ගන්න පුළුවන්. දැන් ඒ වක්‍ර රේඛාවෙ මුදුනේ ඉඳන් පහලට සිරස් රේඛාවක් ඇඳ ගන්න. මේ තමයි පහනේ දැල්ල. දැල්ලේ පහල කෙළවරින් තිරස් රේඛාවක් අඳින්න. selection tool එකෙන් කලින් විදියට වක්‍ර කර ගන්න. නැවත ඒ වක්‍ර කළ රේඛාවෙ මුල ඉඳන් අගට තිරස් රේඛාවක් අඳින්න. මේ තමා පහන. paint bucket ටූල් එකෙන් කැමති පාටකින් පුරව ගන්න. දැන් දැල්ල ක්ලික් කරල , F8 ඔබල movie clip එකක් කර ගන්න. modify > transform>free transform යන්න. එවිට දැල්ල මැද සුදු පාට තිතක් පෙනෙයි. මවුස් එකෙන් ඒ තිත දැල්ලේ පහල කෙළවරට ගෙනියන්න. දැන් ටයිම් ලයින් එකේ 5 ෆ්‍රේම් එකේ F6 ඔබල කී ෆ්‍රේම් එකක් අරින්න. modify>transform> scale and rotate ගිහින් එහි අංශක ගණන -15 කරන්න. ටයිම් ලයින් එක