Posts

Showing posts from August 14, 2013

ෆ්ලෑෂ් .....පිනිබිංදු

අද ටිකක් වෙනස් දෙයක් උගනිමු. මේකට කියන්නේ Shape Tweening. කියල. ඔබ ඕනෑ තරම් වෙබ් අඩවි වල දැකල ඇති අකුරු..පින්තූර බලන් ඉඳිද්දී වෙනස් වෙනව. ඒක කරන්නේ මෙහෙමයි. ෆ්ලෑෂ්  document එක ඇරියා. වම් පැත්තෙ text tool එක අරන් , සිංහළ ෆොන්ට්ස් අරගෙන අවශ්‍ය කරන පාට තෝරා ගෙන ෆොන්ට් size එකත් තෝරා ගෙන පිනි බිංදු කියල ටයිප් කළා. vertically  සහ horizontally  align කලා.ඊට පස්සෙ උඩින් තියෙන modify එකට ගිහින් break apart කියන එක දෙපාරක් ක්ලික් කලා. එවිට අර අකුරු ටික " තිත්.. තිත්.." වගේ පෙනෙයි. ඊට පස්සෙ time line එකේ 15 ෆ්‍රේම් එකට ගිහින් F6  එබුවා. ෆ්‍රේම් 15 දී පිනිබිංදු කියන වචනෙ delete කරල , english  ෆොන්ට් අරගෙන  පරණ size එකටම pini bindu  කියල ලියල කලින් විදියටම align  කලා. modify  ගිහින් දෙපාරක් break apart  කලා. ඊට පස්සෙ ෆ්‍රේම් 1 ගියා.පහල පැනල් එකේ tween කියන එකේ shape select කලා. එවිට ටයිම් ලයින් එකේ 1 සහ 15 ෆ්‍රේම් අතර ඉබේටම කොල පාට වෙලා ඊ තලයක් හැදෙයි. ඊට පස්සෙ movie එක ටෙස්ට් කරල බලන්න. ඔය තියෙන්නේ වැඩේ.  මෙන්න මේක දකින කොටයි මතක් උනේ... පිනි බිංදු කියල ලස්සන සංගීත සංදර්ශනය