Posts

Showing posts from July, 2013

ෆ්ලෑෂ්.... සිංදු..

අපි අද බ්ලමු ෆ්ලෑෂ් වලින් සිංදුවක් වාදනය කරන්නේ කොහොමද කියල. ක්‍රම කීපයක්ම තියෙනවා. අපි බලමු ලේසි ඉක්මණ් ක්‍රමයක්. මෙය වැදගත් වෙන්නෙ වෙබ් අඩවි එහෙම හදන විට. සමහර විට ඔබ දැකල ඇති සමහර වෙබ් අඩවි අරින කොටම පසුබිමින් ගීයක් හෝ සංගීත ඛණ්ඩයක් ඇහෙනව. වෙලාවකට ඒක වාතයක් කියලත් හිතෙනව. ගීයක් අතරමැද නවත්තන්නෙ කොහොමද කියලත් , ආපසු වාදනය කරන්නෙ කොහොමද කියලත් මා කියල දෙන්නම් පස්සෙ. ඒකට ෆ්ලෑෂ් බොත්තම් buttons ගැන ඉගෙන ගන්න වෙනවා. ෆ්ලෑෂ් පේජ් එක ඇරල , කොම්පියුටරයේ my music  එකේ  save කර ඇති ගීයක් import  කරගන්න. පහල property පැනල් එකේ song  එකට ගියාම ඔබ import  කළ ගීය ඇති. එය තෝර ගන්න. එච්චරයි. ඉතිරි වැඩ කෑලි දාන එක ඔබට බාරයි </embed

ෆ්ලෑෂ් ... විහිළු...

ෆ්ලෑෂ් වලින් හිනා යන වැඩ කරන්නත් පුළුවන්. මේක මගේ අදහසක්. හැදුවෙ අර සල්යිඩ් ෂෝ එක හැදූ විදියටමයි.  මීට වඩා neat එකට ඔබට කරන්න පුළුවන් වෙයි.

ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක්.. ෆ්ලෑෂ් වලින්..

Image
අද මම කියල දෙන්නම් ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක් හදන හැටි. ලස්සන කෙල්ලන්ගෙ පින්තූර ටිකක් එහෙම දාල. සිම්පල්. ෆ්ලෑෂ් page එක ඇරියා. එක පින්තූරයක් ස්ටේජ් එකට ගෙනවා. දිග පළල මතක් තියා ගත්තා. align  කර ගන්න. F8 ඔබල movie clip එකකට හරව ගන්න. ටයිම් ලයින් එකේ 15,  කී ෆ්‍රේම් එකක් අරින්න F6 ඔබල. අලුත් ලේයර් එකක් අරින්න. ටයිම් ලයින් එකේ 15 කී ෆ්‍රේම් එකක් අරින්න. ඊ ළඟ පින්තූරය ස්ටේජ් එකට ගෙනත් කලින් එකේ දිග පළලම දීල align කර ගන්න.ටයිම් ලයින් එකේ 30 කී ෆ්‍රේම් එකක් අරින්න. ඔය විදියට කැමති පින්තූර ගණනක් අළුත් ලේයර් වල අරින්න. කී ෆ්‍රේම් අතර මෝෂන් ට්වීන් අරින්න. 15 සහ 30 ෆ්‍රේම් වලට ගිහින්, පහල color property panel එකේ brightness වෙනස් කරල , movie එක ටෙස්ට් කරල බලන්න.

ෆ්ලෑෂ්..... ක්‍රියේටිව් මාස්කින්.

Image
මාස්කින්ග්  වලින් හරි ලස්සන දේ කරන්න පුළුවන්. අපි බලමු පහනක දැල්ලක් සුළඟට නටන ආකාරය කොහොමද හදන්නෙ කියල. ෆ්ලෑෂ් පේජ් එක ඇරල,පසුබිම් වර්ණය කළු වගේ තද පාටක් දෙන්න. Line tool එක අරන් සිරස් රේඛාවක් අඳින්න. ඊට පසු selection tool එක ඒ රේඛාවෙ මැද හරියට කිට්ටු කළාම , ඊ තලයට පහලින් වක්‍රයක් පෙනෙයි. දැන් මවුස් එක පොඩ්ඩක් එහාට කළාම අර සිරස් රේඛාව දුන්නක් වාගේ ඇද ගන්න පුළුවන්. දැන් ඒ වක්‍ර රේඛාවෙ මුදුනේ ඉඳන් පහලට සිරස් රේඛාවක් ඇඳ ගන්න. මේ තමයි පහනේ දැල්ල. දැල්ලේ පහල කෙළවරින් තිරස් රේඛාවක් අඳින්න. selection tool එකෙන් කලින් විදියට වක්‍ර කර ගන්න. නැවත ඒ වක්‍ර කළ රේඛාවෙ මුල ඉඳන් අගට තිරස් රේඛාවක් අඳින්න. මේ තමා පහන. paint bucket ටූල් එකෙන් කැමති පාටකින් පුරව ගන්න. දැන් දැල්ල ක්ලික් කරල , F8 ඔබල movie clip එකක් කර ගන්න. modify > transform>free transform යන්න. එවිට දැල්ල මැද සුදු පාට තිතක් පෙනෙයි. මවුස් එකෙන් ඒ තිත දැල්ලේ පහල කෙළවරට ගෙනියන්න. දැන් ටයිම් ලයින් එකේ 5 ෆ්‍රේම් එකේ F6 ඔබල කී ෆ්‍රේම් එකක් අරින්න. modify>transform> scale and rotate ගිහින් එහි අංශක ගණන -15 කරන්න. ටයිම් ලයින් එක

ෆ්ලෑෂ් ... වළාකුළු...

Image
අද සුදුම සුදු වළාකුලක් , නිල් අහසේ පා කරමු. ෆ්ලෑෂ් පේජ් එක ඇරල ස්ටේජ් එකේ පළල 550 උස 200 විතර හදා ගම්මු. පසුබිමේ පාට අහසෙ නිල් පාට ගන්න. වම් පැත්තෙ ටූල් බොක්ස් එකේ කලර්ස් කියන එකට ගිහින් Fill කලර් එක සුදු තෝර ගන්න. ඕවල් ටූල් එකෙන් ටිකක් ලොකු රවුමක් ඇඳ ගන්න. ඒ රවුම ඉරේසර් ටූල් එකෙන් 2 විදියට කඩතොළු කර ගන්න. ඊට පස්සෙ කී බෝඩ් එකේ F8 ඔබල මුවී ක්ලිප් එකකට හරව ගන්න. පහළ property  පැනල් එකේ Filter  ගිහින්+ ක්ලික් ක්ලාම  Blur  කියල එකක් ලැබෙයි. එහි අගයන් අඩු වැඩි කරල ලස්සන වළාකුල හදා ගන්න. මීට වඩා ලස්සනට ඔබට කරන්න පුළුවන්

ෆ්ලෑෂ් වෙස් බැන්දුම්

Mask එකක් කියන්නෙ වෙස් මුහුණක් නෙ. මාස්ක් එකකින් කෙරෙන්නේ තමන්ගෙ නියම මුහුණ සැඟවීමයි. Flash වලත් masking කියා දෙයක් තියෙනවා. ඇත්තටම එයිනුත් කෙරෙන්නේ සැඟවීමක්. ඒ මගින් ඉතා ලස්සන දේවල් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ; මේ තියෙන්නෙ ඒ විදියට මා හැදූ එකක්. මේක කළේ මෙහෙමයි. මුහුදු වෙරළක වර්ණ පින්තුරයක් හොයා ගත්ත. ෆොටෝශොප් එකෙන් එහි කළු- සුදු කොපියක් හදා ගත්තා. ෆ්ලෑෂ් ඩොකියුමන්ට් එක ඇරල මුලින්ම අර කළු සුදු පින්තූරය ස්ටේජ් එකට ඉම්පෝට් කරල දිග පළල හරියට තියල align කරල F8 ඔබල සිම්බල් එකකට convert කළා. movie ක්ලිප් එකක් හැටියට. ඒ ලේයර් එකේ ෆ්‍රේම් 30 ක් ලකුණු කරල F6 එබුවා. අළුත් ලේයර් එකක් ඇරල අර කළු සුදු කොපියෙ වර්ණ පින්තූරය ස්ටේජ් එකට ඉම්පෝට් කළා. මුල් එකේ ගනටම දිග පළල දීල align කරල F8 ඔබල movie ක්ලිප් එකක් විදියට convert කලා. ඉන් පසු ෆ්‍රේම් 30 දි F6 එබුවා. දැන් ලේයර්ස් දෙකක් තියෙනව. තව අලුත් ලේයර් එකක් ඇරල Rectangle ටූල් එකෙන් සෘජුකෝණාශ්‍රයක් හැදුවා. පින්තූරයේ උසටම ඒත් පළල පින්තූර්යට වඩා ගොඩක් අඩුවෙන්. ඒක තමා මාස්ක් එක වෙන්නෙ. ඉන් පසු F8 ඔබල එයත් movie ක්ලිප් එකකට convert කරගෙන ෆ්‍රේම් 30

ෆ්ලෑෂ් ... මෝෂන් ගයිඩ්...

Image
කලින් ලිපි වල ආකාරයට යම් දෙයක් ස්ටේජ් එක හරහා ගමන් කරවිය හැක්කේ එකම එල්ලයකට විතරයි. අද බලමු අපිට ඕන ගමන් මාර්ගයක එය යවන්නේ කොහොමද කියල. එයට කළ යුත්තේ මෝෂන් ගයිඩ් motion guide එකක් හැදීමයි. අපි හදමු ඊ තලයක හැඩයක් ලයින් ටූල් එක භාවිතයෙන්.ඉන් පසු F8 ඔබා movie ක්ලිප් එකකට convert කරගන්න. ඉන් පසු කැමති ගණනක කී ෆ්‍රේම් එකක් හදන්න.මම හැදුවා 50 වන ෆ්‍රේම් එකේ.ඉන් පසු selection  ටූල් එකෙන් අර ඊ තලය ස්ටේජ් එකේ ඔබ කැමති තැනකට ගෙනයන්න දැන් ඔබට පෙනෙනවා ටයිම් ලයින් එකේ කළු තිත් දෙකක්. ඒ අතර මැද right click කර මෝෂන් ට්වීන් එකක් හදන්න. දැන් enter එබුවාම අර ඊතලය ස්ටේජ් එක හරහා ගමන් කරයි. ඊළඟට ඔබට පෙනෙනවා ඇති ටයිම් ලයින් එකේ වම් කෙළවරේ  + plus ලකුණක් හා තිත් ටිකක්. ඒ තමා මෝෂන් ගයිඩ් එක. එය ක්ලික් කළාම මුල් ලේයර් එකට උඩින් ගයිඩ් ලෙයර් එකක් හැදෙයි. දැන් පෙන්සිල් ටූල් එකෙන් වංගු සහිත පාරක් වගේ රේඛාවක් අඳින්න. ගයිඩ් ලේයර් එකේ පළමු ෆ්‍රේම් එක ක්ලික් කළාම අර ඊ තලය ඉබේටම  වංගුවේ පටන් ගන්න තැනට සෙට් වෙයි. දැන් 1 ලේයර් එකේ 50 වන ෆ්‍රේම් එකට යන්න. selection ටූල් එකෙන් අර ඊතලය වංගු පාරේ අවසන් කෙලවරට සෙට් කරන්න.

ෆ්ලෑෂ් වලින් කාසියක් පෙරලමු.

Image
ෆ්ලෑෂ් වලින් කාසියක් වගෙ දෙයක් පෙරලන ආකාරය අද…. මුලින්ම ෆ්ලෑෂ් ෆයිල් එක ඇරල ස්ටේජ් එකේ රවුමක් ඇඳ ගන්න.පළල උස 200 x 200 වගේ තියන්න පහල property box එකේ. ඊ ළඟට දකුණු පැත්තෙ align බොක්ස් එක ඇරල vertical සහ horizontal බට්න් දෙක ක්ලික් කරන්න. එවිට අර ස්ටේජ් එකේ තියෙන රවුම ඉබේම ස්ටේජ් එකේ හරි මැදට එයි. දැන් කී බෝඩ් එකේ F8 ඔබල සිම්බල් එකකට convert කරගන්න. ඊ ළඟට ටයිම් ලයින් එකේ 5 වන ෆ්‍රේම් එක ක්ලික් කරල F6 ඔබන්න. ස්ටේජ් එකේ රවුමෙ උස වෙනස් නොකර පළල 175 කරල ආයෙම මුලින් විදියටම align කරගන්න. මේ විදියටම ටයිම් ලයින් එකේ 5 න් 5 ට F6 ඔබල ස්ටේජ් එකේ රවුමේ පළල විතරක් 25 න් 25 ට අඩු කර ගන්න. මේ හැම වෙලාවෙම align කර ගන්න අමතක නොකරන්න. දැන් ටයිම් ලයින් එකේ අර කී ෆ්‍රේම් අතර motion tween එකක් අරින්න. අවසානයි… කී බෝඩ් එකේ enter එබුවාම අර රවුම කැරකෙන්න පටන් ගනී කාසියක් වගේ. මේ තියෙන්නෙ ඒ විදියට මා හැදූ උදාහරණයක්. Sri Lankan Political Jokers </embed

Flash 4 Fun

Image
හැම භාෂාවකින්ම වාගේ ටියුටෝරියල් තියෙනවා. විශේෂයෙන් දෙමළ බසින්. ඒ නිසයි මටත් හිතුනේ අපේ භාෂාවෙනුත් තියෙනවා නම් හොඳයි කියල. හැබැයි ඉතින් අමු හිංගලෙන්ම ලියන්න අමාරුයි. සිංග්ලිශ් වලින් තමයි දෙන්න වෙන්නේ. "ෆ්ලෑෂ්" හරිම විනෝද ජනකයි. වෙබ් අඩවි එහෙම හදන අයට වැදගත්. මම හැමෝටම තේරෙන විදියට ලියන්නම්. මුලින්ම කියන්න ඕන සිංහළ අකුරු ( fonts ) කොම්පියුටරයේ install කර ගන්න කියල. සේරටම කලින් හොයා ගන්න ඕන ෆ්ලෑෂ් ප්‍රොග්‍රෑම් එක. නොමිලේ බා ගන්න පුළුවන් අඩවි ඕන තරම් තියෙනවා. කුඩා ඇනිමේශන් එකේ ඉඳන් පොඩි වීඩියෝ ගේම් එකක් දක්වා කියල දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නෙ ෆ්ලෑෂ් පිටුවක ස්ක්‍රීන් ෂොට් එකක්. නිකමට වාගෙ ඒකෙ තියෙන tools අත පත ගාල ඉගෙන ගන්න.  මම ටිකක් කාර්ය බහුල කෙනෙක්. විනෝදෙටත් එක්කයි මේ බ්ලොගය පටන් ගත්තෙ.  අද මුලින්ම කියල දෙන්නම්.. ගෝලයක් වගේ දෙයක් ස්ටේජ් එක හරහා ගමන් කරවන හැටි. 1  පාඩම: ඩොකියුමන්ට් එක ඇරලා, වම් පැත්තෙ තියෙන ටූල්ස් වලින් රවුම් අඳින එක අරන්, ස්ටේජ් එකේ රවුමක් අඳින්න. කී බෝඩ් එකේ F8 ඔබලා අර ඇඳපු රවුම සිම්බල් එකකට convert කරන්න. ටයිම් ලයින් එකේ ෆ්‍රේම් කැමති