ගී සර රංගන
පිනි බිංදු ඉවර උනා විතරයි. තව එකක්..ඊ ළඟට තවත් එකක්. මේ එකක්වත් අත අරින්න පුළුවන් ඒවා නෙවෙයි. ගී සර රංගන කියන්නේ පැරණි නාට්‍ය ගී හා නැටුම් වල එකතුවක්. මම හිතනවා මේකත් ලස්සන හැන්දෑවක් වෙයි කියලා. තියෙන්නේ Hermosa Beach රඟහළේ... Date: Nov. 09th( Saturday) 2013 6.30p.m. Parking Free.. ඒත් ටිකක් කල් වේලා ඇතුවා ආවොත් හොඳයි. මේ ෂෝ එක ඉදිරිපත් කරන්නේ , සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා , තවත් එක් ගැහැණියක් වගේ නිර්මාණවල කටුක ජීවිතයක් ගෙවන ගැහැනියක් ලෙස රඟ පෑ, ඒ වගේම අප ජීවත්වන යතාර්තවාදී සමාජයේ එදිනෙදා ගැටුම් රැගත් දූ දරුවෝ ටෙලි නාට්‍යයේ කුසුමලතාට පණ දුන් . . ඒ සේරටම වඩා කවදාවත් මතකයෙන් ඈත් නොවන සිංහබාහු- මනමේ -මහාසාර නාට්‍ය බිහි කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දියණිය සුනේත්‍රා.... අන්න බලන් සඳ... ඇහැල ගහේ මල් පිපිලා... කුමටද සොබනියේ වගේ ගී ඕන තරම් අහල ඇති.. පාටි වල ගයල ඇති.. කී පාරක් ඇහුවත් අද අළුතින් අහනවා වාගේ මට නම් දැනෙන්නේ. ෆොටෝ ෂොප් එකෙන් Curtain එකක් හදන්නත් පුළුවන්. මම නම් මේක කළේ මෙහෙමයි. google...