ෆ්ලෑෂ් බොත්තම් - සින්දු

තවත් අපේම කෙනෙකුට තල්ලුවක් දෙන්න මම මගේ ෆ්ලෑෂ් පාඩම යොදා ගන්නවා. ෆ්ලෑෂ් බොත්තමකින් සින්දුවක් අහන්නේ කොහොමද කියල බලමු. අපේ කාලෙ ගායකයො දෙන්නෙක් තමා ජෝතියි , මිල්ටන් මල්ලවාරච්චියි. ඒ කාලෙ ජෝති ගෙ සින්දුවක් නැත්නම් ඒ බයිස්කෝප් එක බලල වැඩකුත් නෑ. මිල්ටනුත් ඒ වගේ මයි. බොක්ක කඩා ගෙන යන ලව් සින්දු තමා කීවෙ. අපි අතරම ඉන්න සුපුන් සංගීත සංදර්ශනයක් කරනව. වැඩි විස්තර පහළ තියෙන පෝස්ටර් එකෙන් බලා ගන්න පුළුවන්. මේවට කොහොම හරි සහභාගි වෙන්න. ඉන්ටවර්ල් එකට කාගෙ හරි ට්‍රන්ක් එකක් අරින්නත් එක්කම එන්න. මම උදාහරණෙන්ම පැහැදිලි කරන්නම්. ඊට කලින් සිංදුවක් හොයා ගෙන ඩවුන්ලෝඩ් කර ගන්න. ෆ්ලෑෂ් එක ඇරියා. ජෝතිගෙ පින්තූරයක් ගෙනාවා. F8 ඔබල button එකක් විදියට convert කලා. V ටූල් එක අරන් පින්තූරය ඩබල් ක්ලික් කලා. කොටු හතරක් ආවා. up-over-down-hit කියල. hit එකට ගිහින් F6 ඔබල key frame එකක් ඇරියා. අර සින්දුව ඉම්පෝර්ට් කළා පින්තූරෙ උඩට නෙවෙයි library එකට. ඊට පස්සෙ පොඩි වැඩක් තියෙනව.library එකෙන් අර සින්දුව පින්තූරෙ උඩට drag කරල.. ආපහු library එකට ගිහින් සින්දු...