ෆ්ලෑෂ්... අපේ පාර්ලිමෙන්තුව
ඉස්සර පාර්ලිමෙන්තුව තිබුනෙ ගාලු පාරෙ. ගෝල් ෆේස් එක ඉස්සරහ. දවසක් අපි ගමේ කට්ටිය එක් ක වන්දනා ගමනක් යනකොට ඔතනින් ගියා. නඩේ ගුරා වයසක උපාසක සීයා. හිටි ගමන් අසුනින් නැගිටල ආචාර කලා. තරුණ ගැටව්.. හා.. හා.. සීයෙ.. ඔය දළදා මළිගාව නෙවි කියල කොලොප්පම් කළා. උන් වැරදි.. සීයා හරි.. ඕක දළදා මාලිගාව වගේ ගාම්භීර තැනක්. ඉස්සර ඕක ඇතුලෙ හිටි එව්වොත් ඒ වගේම ගරු ගාම්භීරයි. උන්ගෙ නම් දිහා බැලුවම ඒක තේරෙනව. ඩඩ්ලි සේනානායක , ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක, ඊ.එල්. සේනානායක,ලලිත් ඇතුලත්මුදලි, ජේ.ආර්.ජයවර්ධන, කුමාර් පොන්නම්බලම්, ඒ.සී.එස්.හමීඩ්...ඇන්.ඇම්. පෙරේරා.. කොල්වින් ආර් ද සිල්වා දැන් ඉන්නෙ 2.50 උන්. උන් ගෙ නම්... ලාල්කාන්ත, කේ.පී. සරත් , ආර්.එම්. ගාමිණී.. කිසි වැදගත් කමක් නෑ. වැඩත් ඒ වගේමයි. ඉස්සර උන් පිල් මාරු කළෙත් නෑ.කැපුවත් කොළ.. කැපුවත් නිල්. මවුස් එකෙන් ඇදල බලන්න ඉතිරි වෙලා ඉන්න උනුත් ගන්න පුළුවන්ද කියල. ඔක්කොම හරි. රනිල් විතරක් ගන්න අමාරුයි නේද. ඌ ඔහොම්ම හිටියාවෙ. පිච්චියකට වැඩක් නැති එකෙක්. ඌ හරි නම් UNP එකට ඔහොම වෙන්නෙ නෑ. මේක කළේ මෙහෙමයි. ෆ්ලෑෂ් එක ඇරල.. රතු පා...