Posts

Showing posts from July 14, 2013

ෆ්ලෑෂ් වලින් කාසියක් පෙරලමු.

Image
ෆ්ලෑෂ් වලින් කාසියක් වගෙ දෙයක් පෙරලන ආකාරය අද…. මුලින්ම ෆ්ලෑෂ් ෆයිල් එක ඇරල ස්ටේජ් එකේ රවුමක් ඇඳ ගන්න.පළල උස 200 x 200 වගේ තියන්න පහල property box එකේ. ඊ ළඟට දකුණු පැත්තෙ align බොක්ස් එක ඇරල vertical සහ horizontal බට්න් දෙක ක්ලික් කරන්න. එවිට අර ස්ටේජ් එකේ තියෙන රවුම ඉබේම ස්ටේජ් එකේ හරි මැදට එයි. දැන් කී බෝඩ් එකේ F8 ඔබල සිම්බල් එකකට convert කරගන්න. ඊ ළඟට ටයිම් ලයින් එකේ 5 වන ෆ්‍රේම් එක ක්ලික් කරල F6 ඔබන්න. ස්ටේජ් එකේ රවුමෙ උස වෙනස් නොකර පළල 175 කරල ආයෙම මුලින් විදියටම align කරගන්න. මේ විදියටම ටයිම් ලයින් එකේ 5 න් 5 ට F6 ඔබල ස්ටේජ් එකේ රවුමේ පළල විතරක් 25 න් 25 ට අඩු කර ගන්න. මේ හැම වෙලාවෙම align කර ගන්න අමතක නොකරන්න. දැන් ටයිම් ලයින් එකේ අර කී ෆ්‍රේම් අතර motion tween එකක් අරින්න. අවසානයි… කී බෝඩ් එකේ enter එබුවාම අර රවුම කැරකෙන්න පටන් ගනී කාසියක් වගේ. මේ තියෙන්නෙ ඒ විදියට මා හැදූ උදාහරණයක්. Sri Lankan Political Jokers </embed