Posts

Showing posts from October 9, 2013

ෆ්ලෑෂ් - වෙලාව කීයද ?

Image
අපි වෙලාවට වැඩ කරන්න ඕන. ඒකට ඔර්ලෝසුවක් තියෙන්න ඕන. ඉස්සර කාලෙ නම් වෙලාව දැන් ගත්තෙ ඉර පායන කොට , තරු සළකුණු වලින්, කුකුළන් අඬලන කොට ,හෙවනැල්ලෙ දිග අනුව. පස්සෙ කාලෙක පෑ තැටිය කියල එකක් භාවිතා කළා. දැන් නම් එක එක සැම්පලේ ඔරලෝසු. රවුම් ඒවා , දිගටි ඒවා , හතරැස් ඒවා. පාට පාට ඒවා.. කටු නැති ඒවා ,ඉලක්කම් ඇති - නැති ඒවා. ඉස්සර නුවර ඔරලෝසු කණුව කිට්ටුව තිබුණ මුස්ලිම් ස්ටෝර්ස් කියල එකක්.  ඒකෙ උඩ තට්ටුවෙ මුස්ලිම් හොටෙල් එක. අපෙ ගෙදර තිබුණු උස බිත්ති ඔරලෝසුව අරන් තියෙන්නේ ඒ මුස්ලිම් ස්ටෝර්ස් එකෙන්. ජාතිය " The Clock " ගාණ කීයද රුපියල් 35.00 යි. Made in England. අපි හදමු ෆ්ලෑෂ් වලින් ඔරලෝසුවක්. ෆ්ලෑෂ් එක දිග ඇරල ලේයර්ස් 5 ක් අරින්න. 1 interface 2 second 3 minute 4 hour 5 action ඒ ලේයර්ස් 5 ඔය විදියට නම් කර ගන්න. 1 වන interface ලේයර් එකේ තමයි ඔරලෝසු මූණත. කැමති විදියකට හදා ගන්න. මම හදල තියෙනව රතු පාට රවුමක්. ස්ටේජ් එකේ  එළියට වෙන්න line ටූල් එක අරන් වෙනම පාටකින් තත්පර කටුව ඇඳ ගෙන F8 ඔබල movie clip  එකක් කරන්න. registration කියල එකක් පෙනෙයි. එහි පහත මධ්‍ය ලක්ෂ්‍යය ක්ලික්