නටන අකුරු

ඉස්සෙල්ලම කියන්න ඕන මගේ බ්ලොග් එකේ තියෙන සමහර animation,  මවුස් එක right click කරල copy & paste  කරගන්න පුළුවන් තමන්ගෙ වෙබ් අඩවියක හෝ ඊ මේල් එකක. ඒකට මගේ අමනාපයක් නෑ. මගේ " ගී සර රංගන" පෝස්ටුවේ පහලින්ම තියෙන නටන අකුරු හදන්නෙ කොහොමද කියල කෙනෙක් ඇහුව. මෙහෙමයි..

සිංහළෙන් හෝ ඉංග්‍රීසියෙන් කැමති දෙයක් ටයිප් කරගන්න. වචනේ දිග වැඩිවෙන්ට , වැඩිවෙන්ට වැඩ වැඩි වෙයි. මම ගන්නවා " TEST " කියන වචනෙ.
එක පාරක් break apart කර ගන්න.

















ඊට පස්සෙ කී බෝඩ් එකේ ctrk+shift+D එකවර ඔබන්න. එවිට අර අකුරු ටික ලෙයර්ස් වලට යයි.

උඩින්ම තියෙන " T" අකුර තියෙන ලෙයර් එකට ගිහින් 5 , 10 ෆ්‍රේම් වල F6 ඔබල කී ෆ්‍රේම් අරින්න. ආපහු 5 ට් ගිහින් , පහල Tween  පැනල් එකේ motion, select කරල Rotate  එක CW (clock wise)  කරන්න.

ඊ ළඟට දෙවන අකුර වන "E" ලේයර් එකේ 8 , 15 ෆ්‍රේම් වල F6 ඔබල කී ෆ්‍රේම් අරින්න. ආපහු 8 ට ගිහින් පහල පැනල් එකේ rotate  CW  කරන්න .මගේ උදාහරණෙ හැටියට අන්තිම අකුර තියෙන කී ෆ්‍රේම් එකේ F5 ඔබන්න. අනික් ලේයර්ස් වලත් ඒ විදියටම කරන්න.



















එච්චරයි.මේවා එක එක විදියට වෙනස් කරන්න. scale එක වෙනස් කරන්න පුළුවන් rotate කියන CCW( counter clock wise)   කරන්න පුළුවන්. movie එක ටෙස්ට් කරන්න. අකුරු ටික නටයි පිස්සු හැදිල වගේ.


    • natanaakuru_zps665b68eb.gif

Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ගී සර රංගන

ඩිජිටල් ඔරලෝසු