ෆ්ලෑෂ් - වෙලාව කීයද ?

අපි වෙලාවට වැඩ කරන්න ඕන. ඒකට ඔර්ලෝසුවක් තියෙන්න ඕන. ඉස්සර කාලෙ නම් වෙලාව දැන් ගත්තෙ ඉර පායන කොට , තරු සළකුණු වලින්, කුකුළන් අඬලන කොට ,හෙවනැල්ලෙ දිග අනුව. පස්සෙ කාලෙක පෑ තැටිය කියල එකක් භාවිතා කළා.
දැන් නම් එක එක සැම්පලේ ඔරලෝසු. රවුම් ඒවා , දිගටි ඒවා , හතරැස් ඒවා.
පාට පාට ඒවා.. කටු නැති ඒවා ,ඉලක්කම් ඇති - නැති ඒවා.
ඉස්සර නුවර ඔරලෝසු කණුව කිට්ටුව තිබුණ මුස්ලිම් ස්ටෝර්ස් කියල එකක්.  ඒකෙ උඩ තට්ටුවෙ මුස්ලිම් හොටෙල් එක.
අපෙ ගෙදර තිබුණු උස බිත්ති ඔරලෝසුව අරන් තියෙන්නේ ඒ මුස්ලිම් ස්ටෝර්ස් එකෙන්. ජාතිය " The Clock " ගාණ කීයද රුපියල් 35.00 යි. Made in England.

අපි හදමු ෆ්ලෑෂ් වලින් ඔරලෝසුවක්.
ෆ්ලෑෂ් එක දිග ඇරල ලේයර්ස් 5 ක් අරින්න.
1 interface
2 second
3 minute
4 hour
5 action


ඒ ලේයර්ස් 5 ඔය විදියට නම් කර ගන්න. 1 වන interface ලේයර් එකේ තමයි ඔරලෝසු මූණත. කැමති විදියකට හදා ගන්න. මම හදල තියෙනව රතු පාට රවුමක්.
ස්ටේජ් එකේ  එළියට වෙන්න line ටූල් එක අරන් වෙනම පාටකින් තත්පර කටුව ඇඳ ගෙන F8 ඔබල movie clip  එකක් කරන්න. registration කියල එකක් පෙනෙයි. එහි පහත මධ්‍ය ලක්ෂ්‍යය ක්ලික් කර ගන්න.
2 වන තත්පර (second) ලේයර් එකට අර තත්පර කටුව ගේන්න.
තත්පර කටුවේ පහල කෙළවර කුඩා රවුමක් ඇති. එය ඔර්ලෝසු මූණතේ හරි මැදට ගේන්න. පහල properties  පැනල් එකේ instance name  කියන තැන sec කියල නම් කරන්න.
3 වන මිනිත්තු ලේයර් එකට අර එළියෙ තියෙන කටුව ඇද ගන්න. අර කුඩා රවුම මූණතේ හරි මැදට ගන්න. instance name එක min කියල දාන්න.
4 වන පැය ලේයර් එකට අර කටුව අරන් දිග අඩු කරන්න. කලින් විදියටම හරි මැදට ගන්න. instance name එක hour  කියල දෙන්න. කටු වල දිග ටික ටික වෙනස් කලා නම් හොඳයි.

5 වන action  ලේයර් එකේ මේ කෝඩ් එක ඒ විදියටම ලියන්න.

time=new Date(); // time object
seconds = time.getSeconds()
minutes = time.getMinutes()
hours = time.getHours()

hours = hours + (minutes/60);

seconds = seconds*6; // calculating seconds
minutes = minutes*6; // calculating minutes
hours = hours*30; // calculating hours

sec._rotation=seconds; // giving rotation property
min._rotation=minutes; // giving rotation property
hour._rotation=hours; // giving rotation property


 copy & paste  කරන්න. ඊ ළඟට ලේයර් පහේම දෙවන ෆ්‍රේම් එකේ F5 ඔබල බ්ලෑන්ක් කී ෆ්‍රේම් එකක් හදන්න. එච්චරයි. ලේසියි. movie  එක test කරන්න.


Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ඩිජිටල් ඔරලෝසු

ගී සර රංගන