ද ක්ලොක්
මුස්ලිම් ස්ටෝර්ස් එකෙන් ගත්තු " ද ක්ලොක් " එක දැන් නෑ. ඒ උනාට රිසිට් එක නම් තියෙනවා. එය අඩි 4 1/2 ක් උසයි. පැද්දෙන බට්ටෙකුත් තිබුනා. පැය බාගෙන් බාගෙට සීනුවක් වැදුනා.
අපේ තාත්තා තමයි ඕක වයින් කරල සුද්ද පවිත්‍ර කරල නඩත්තු කළේ.
වයින් කරන්න වෙනම යතුරක් තිබුනා. පස්සෙ දවසක මම තාත්තට හොරෙන් ඕක ගැලෙව්ව. තිබුන විදියට මට ආපසු හදා ගන්න බැරි උනා. තාත්තා මට හොඳ ටොක්කක් ඇන්න. අන්තිමට ඉතුරු උනේ දැති රෝද කීපයක් විතරයි. ඒ එක දහස් නමසිය බර ගණන්වල.
තාත්ත මතක් වෙන්නත් එක්ක මම ඒ ජාතියෙන්ම එකක් ෆ්ලෑෂ් වලින් හදනවා.
ගූගල් එකෙන් " ද ක්ලොක්" එකක රූපයක් හොයා ගත්තා. බට්ටෙකුයි , කටුත් හොයා ගත්ත.
ඔරලෝසු ටියුටෝරියල් එක මීට කලින් දීල තියෙනවා. බට්ටා පැද්දෙන්නෙ අර පහන් දැල්ල හදපු විදියටමයි.
SWF Player with Ruffle
Flash with Ruffle

Comments