බයිස්කෝප්
මේකෙ හරි වචනෙ "bio-scope " වෙන්න ඕන. මම ඉස්සෙල්ලම බයිස්කෝප් එකක් දැක්කෙ අපෙ ගමේ පන්සලේදි. ඒ කෘෂිකර්මෙන් ආ කට්ටියක් ගෙවතු වගාව ගැන පෙන්නපු එක. ඉස්සෙල්ලම සුදු පාට ෆොක්සෝගන් වෑන් එකකින් ආ කට්ටිය හීනි දිග පෙට්ටියක් බිමට ගත්තා. ඒකෙ හිලකට යතුරක් වගේ එකක් දාල කැරකුව. සුදු පාට රෙද්දක් ඉස්සුනා. ඒ තමා තිරය.
ඊට පස්සෙ මොකක්ද මැෂිමක් වගේ එකක් එළියට අරන් ඒකෙ කොකු දෙකකට ලොකු රෝද දෙකක් හයි කළා. මැෂිමෙ තව හිලකින් එළියක් විහිදුනා අර තිරය උඩට.
මට ඔය සේරටම වැඩිය හිත ගියේ අර කැරකෙන රෝද වලටයි අර දඟලන එළියටයි.
මම මේ ළඟකදි දැක්ක පරණ ප්‍රොජෙක්ටර් එකක් එය 12 x 12 කාමරයක් තරම් විශාලයි. දැන් නම් තියෙනවා අල්ල උඩ තියා ගෙන යන්න පුළුවන් තරම් හුරු බුහුටි එව්ව. මේ මං හැදූ ප්‍රොජෙක්ටරේ.

Comments