Posts

Showing posts from September, 2013

විවාහය වනාහී...

Image
විවාහය වනාහී... විවාහය චුයින්ගම් එකක් මෙනි තත්පර කීපයක රසය ගෙන දෙන අනතුරුව නී රස කොහොල්ලෑ ගුලියක් වන එහෙත් දා ගෙනම හපන.... husband and wife like a two sides of coin doesn't want to face each other but, still wants to stick together... මේ පෙර - අපර දිග පඬි වදන් ඕව අපිට නම් අදාල නෑ අපි අදත්, එදා වගේමයි. ඔක්තොබර් 5 දාට අපි බැඳල අවුරුදුම 28 ක්.. coin එකක PNG එකක් හොයා ගත්ත. ගෑණු පිරිමි මූණු දෙකකුත් හොයා ගත්ත. photoshop එකෙන් coin දෙකට රූප දෙක එකතු කළා වෙන වෙනම. රූප දෙක අඩංගු coin දෙක ෆ්ලැෂ් library එකට ඉම්පොර්ට් කලා. 1 රූපය ස්ටේජ් එකට ගෙනාවා. vertically & horizontally  align කලා. F8 ඔබල movie clip එකකට convert කලා. ෆ්‍රේම් 5 ට ගිහින් අර රූපය කලින් විදියටම align කරල උස වෙනස් නොකර පළල විතරක් 25 කින් අඩු කළා. ඔය විදියටම ෆ්‍රේම් 5 න් 5 ට කී ෆ්‍රේම් ඇරල ඒ කී ෆ්‍රේම් වලදී රූපය align  කරල උස වෙන නොකර පළල විතරක් අඩු කළා රූපය හීන් තීරුවක් වෙන තුරු. හීන් තීරුව තියෙන ෆ්‍රේම් එක 80 නම් 81 කී ෆ්‍රේම් එකක් ඇරල right click  කරල swap symbol  ක...

" ජෝති- මිල්ටන් " රාත්‍රිය

සුපුන් ද සිල්වා  ඉදිරිපත් කරන " ජෝති- මිල්ටන් " රාත්‍රිය සැප්: 28 සෙනසුරාදා අපට පුරුදු  Duarte   රංග ශාලාවේදී. හැමෝම එන්න..  මේක මෙහෙමයි කළේ; google  එකෙන්  Los Angeles - Downtown, image එකක් හොයා ගත්තා. ෆ්ලෑෂ් එකට ගෙනාවා. දිග - පළල දීල align කළා. අලුත් ලේයර් එකක් ඇරල කුඩා අහස් යානයක (PNG) රූපයක් හොයා ගෙන ඉම්පොර්ට් කළා.F8 ඔබල movie ක්ලිප් එකක් කළා. බැනර් එකත් ඒ වගේමයි හැබැයි හිස් බැනර් එකක්. F8 ඔබල movie ක්ලිප් එකක් කළා.  ඒ රූප දෙකම ගානට සෙට් කරල line ටූල් එක අරන් ඒ රූප දෙක එකට යා කළා. ctrl+G  ඔබල රූප දෙකයි , ලනුවයි group  කළා. V ටූල් එක අරන් ඔය රූප සෙට් එක උඩ ඩබල් ක්ලික් කලා. ඊට පස්සෙ text ටූල් එකෙන් අවශ්‍ය දේ ලිව්ව. ආපහු scene 1 ට ගිහින් .. මෝෂන් tween එක අරින හැටි දන්නවානෙ.....

නටන අකුරු

Image
ඉස්සෙල්ලම කියන්න ඕන මගේ බ්ලොග් එකේ තියෙන සමහර animation,  මවුස් එක right click කරල copy & paste  කරගන්න පුළුවන් තමන්ගෙ වෙබ් අඩවියක හෝ ඊ මේල් එකක. ඒකට මගේ අමනාපයක් නෑ. මගේ " ගී සර රංගන" පෝස්ටුවේ පහලින්ම තියෙන නටන අකුරු හදන්නෙ කොහොමද කියල කෙනෙක් ඇහුව. මෙහෙමයි.. සිංහළෙන් හෝ ඉංග්‍රීසියෙන් කැමති දෙයක් ටයිප් කරගන්න. වචනේ දිග වැඩිවෙන්ට , වැඩිවෙන්ට වැඩ වැඩි වෙයි. මම ගන්නවා " TEST " කියන වචනෙ. එක පාරක් break apart කර ගන්න. ඊට පස්සෙ කී බෝඩ් එකේ ctrk+shift+D එකවර ඔබන්න. එවිට අර අකුරු ටික ලෙයර්ස් වලට යයි. උඩින්ම තියෙන " T" අකුර තියෙන ලෙයර් එකට ගිහින් 5 , 10 ෆ්‍රේම් වල F6 ඔබල කී ෆ්‍රේම් අරින්න. ආපහු 5 ට් ගිහින් , පහල Tween  පැනල් එකේ motion, select කරල Rotate  එක CW (clock wise)  කරන්න. ඊ ළඟට දෙවන අකුර වන "E" ලේයර් එකේ 8 , 15 ෆ්‍රේම් වල F6 ඔබල කී ෆ්‍රේම් අරින්න. ආපහු 8 ට ගිහින් පහල පැනල් එකේ rotate  CW  කරන්න .මගේ උදාහරණෙ හැටියට අන්තිම අකුර තියෙන කී ෆ්‍රේම් එකේ F5 ඔබන්න. අනික් ලේයර්ස් වලත් ඒ විදියටම කරන්න. ...

ෆ්ලෑෂ් සින්දු

Image
ෆ්ලෑෂ් සින්දු බොත්තම බලපු කීප දෙනෙක් මට ඊ මේල් කරල තිබුන පොඩි  අවුලක් ගැන. ඒ මවුස් එක එක පාරකට වැඩිය ජෝතිගෙ රූපෙ උඩට ගෙනාවාම එක උඩ එක වාදනය වෙනව කියල. ඒකට අපි මෙහෙම කරමු. පොඩි code කෑල්ලක් නැත්නම් පොඩි action script  එකක් ලියමු. කලින් වගේම පින්තූරයක් ගෙනල්ල F8 ඔබල movie ක්ලිප් එකක් විදියට convert කරමු.කලින් වගේම සිංදුවක් library එකට ඉම්පොර්ට් කර ගන්න. සිංදුව right ක්ලික් කරන්න. linkage  එකේ හිස් කොටු තුන select කරන්න. ඉන් පසුව අළුත් ලේයර් එකක් ඇරල , අර පින්තූරෙ උඩ හෝ පැත්තකින් පොඩි button දෙකක් ඇඳ ගන්න. ඒ play සහ stop button. play/stop කියල ලිව්වත් කමක් නැහැ. ඉන් පස්සෙ ඒ දෙක වෙන වෙනම F8 ඔබල movie ක්ලිප් හැටියට convert කර ගන්න. instance name එක පිළිවෙලින් " on_btn"  සහ " off_btn" විදියටම දෙන්න. ඊළඟට දෙවන ලේයර් එකේ 1  frame එකට ගිහින් action select කරල මේ පොඩි action script එක ඒ විදියටම ලියන්න.   stop(): var my_sound:Sound = new Sound(); my_sound.attachSound("sound_id"); on_btn.onPress = function() { my_sound.start(); }; off_bt...

ෆ්ලෑෂ් බොත්තම් - සින්දු

Image
තවත් අපේම කෙනෙකුට තල්ලුවක් දෙන්න මම මගේ ෆ්ලෑෂ් පාඩම යොදා ගන්නවා. ෆ්ලෑෂ් බොත්තමකින් සින්දුවක් අහන්නේ කොහොමද කියල බලමු. අපේ කාලෙ ගායකයො දෙන්නෙක් තමා ජෝතියි , මිල්ටන් මල්ලවාරච්චියි.  ඒ කාලෙ ජෝති ගෙ සින්දුවක් නැත්නම් ඒ බයිස්කෝප් එක බලල වැඩකුත් නෑ. මිල්ටනුත් ඒ වගේ මයි. බොක්ක කඩා ගෙන යන ලව් සින්දු තමා කීවෙ. අපි අතරම ඉන්න සුපුන් සංගීත සංදර්ශනයක් කරනව. වැඩි විස්තර පහළ තියෙන පෝස්ටර් එකෙන් බලා ගන්න පුළුවන්.  මේවට කොහොම හරි සහභාගි වෙන්න. ඉන්ටවර්ල් එකට කාගෙ හරි ට්‍රන්ක් එකක් අරින්නත් එක්කම එන්න. මම උදාහරණෙන්ම පැහැදිලි කරන්නම්. ඊට කලින් සිංදුවක් හොයා ගෙන ඩවුන්ලෝඩ් කර ගන්න. ෆ්ලෑෂ් එක ඇරියා. ජෝතිගෙ පින්තූරයක් ගෙනාවා. F8 ඔබල button එකක් විදියට convert  කලා. V  ටූල් එක අරන් පින්තූරය ඩබල් ක්ලික් කලා. කොටු හතරක් ආවා. up-over-down-hit  කියල. hit එකට ගිහින් F6 ඔබල key frame එකක් ඇරියා. අර සින්දුව ඉම්පෝර්ට් කළා  පින්තූරෙ උඩට නෙවෙයි library එකට. ඊට පස්සෙ පොඩි වැඩක් තියෙනව.library එකෙන් අර සින්දුව පින්තූරෙ උඩට drag කරල.. ආපහු library එකට ගිහින් සින්දු...

ෆ්ලෑෂ් - බොත්තම්

Image
Flash Buttons  ගැන ඉගෙන ගැනීමත් ගොඩාක් වෙලාවට අවශ්‍ය වෙනව වෙබ් අඩවි එහෙම හදන කොට. අපි මුලින්ම  සරල බොත්තමකින් පටන් ගනිමු. පින්තූරයක් ලොකු කරන්නෙ කොහොමද කියල. flash document  එක ඇරල කුඩා පින්තූරයක් පුළුවන් නම් මුද්දරයක සයිස් එකක්.. ස්ටේජ් එකට import  කරන්න. F8  ඔබන්න. මතක් කරල button  එකක් හැටියට convert කර ගන්න. ඉන් පසුව වම් පැත්තෙ selection tool එක (V) අරන් අර පින්තූරය උඩ ඩබල් ක්ලික් කරන්න. එවිට අළුත් පිටුවක් ඇරෙයි කුඩා  කොටු 4 ක් සහිත.up-over-down- hit කියල. ඉන් දෙවන කොටුව select කරල F6 ඔබන්න. ඊ ළඟට අර කලින් පින්තූරය මුල් පින්තූරය උඩටම  ඉම්පොර්ට් කරල scale එක වැඩි කරන්න. movie  එක ටෙස්ට් කරන්න. මවුස් එක කිට්ටු කරන කොට අර පින්තූරය ලොකු වෙයි.

ගී සර රංගන

Image
පිනි බිංදු ඉවර උනා විතරයි. තව එකක්..ඊ ළඟට තවත් එකක්. මේ එකක්වත් අත අරින්න පුළුවන් ඒවා නෙවෙයි.  ගී සර රංගන කියන්නේ පැරණි නාට්‍ය ගී හා නැටුම් වල එකතුවක්. මම හිතනවා මේකත් ලස්සන හැන්දෑවක් වෙයි කියලා.  තියෙන්නේ Hermosa Beach රඟහළේ...  Date:  Nov. 09th( Saturday) 2013 6.30p.m.  Parking Free.. ඒත් ටිකක් කල් වේලා ඇතුවා ආවොත් හොඳයි.   මේ ෂෝ එක ඉදිරිපත් කරන්නේ , සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා , තවත් එක් ගැහැණියක් වගේ නිර්මාණවල කටුක ජීවිතයක් ගෙවන ගැහැනියක් ලෙස රඟ පෑ,  ඒ වගේම අප ජීවත්වන යතාර්තවාදී සමාජයේ එදිනෙදා ගැටුම් රැගත් දූ දරුවෝ ටෙලි නාට්‍යයේ කුසුමලතාට පණ දුන් . . ඒ සේරටම වඩා කවදාවත් මතකයෙන් ඈත් නොවන සිංහබාහු- මනමේ -මහාසාර නාට්‍ය බිහි කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ දියණිය සුනේත්‍රා....   අන්න බලන් සඳ... ඇහැල ගහේ මල් පිපිලා... කුමටද සොබනියේ වගේ ගී ඕන තරම් අහල ඇති.. පාටි වල ගයල ඇති.. කී පාරක් ඇහුවත් අද අළුතින් අහනවා වාගේ මට නම් දැනෙන්නේ.  ෆොටෝ ෂොප් එකෙන් Curtain එකක් හදන්නත් පුළුවන්. මම නම් මේක කළේ මෙහෙමයි. google...

ඉන්දුට මල් මිටක්

Image
ගොඩාක් අවිවේකී සතියක්. බ්ලොග් එක update  කරන්න බැරි උනා. ෆ්ලෑෂ් , ෆොටෝ ෂොප් වගේ දේවල් නිතරම කරන්න ඕන. නැත්නම් අමතක වෙනව. අද ලියමු පිනි බිංදු ගැන පසු වදනක්. අපි නම් කරමු ඒක " ඉන්දුට මල් මිටක් " කියල. මම ටිකට් එකක් අරන්  වාඩි වෙලා ෂෝ එක බලන්න ආසාවෙන් හිටියේ. ඒත් අන්තිම මොහොතේ ස්ටේජ් එක පිටි පස්සට වෙලා යමක් කරන්න නියම උනා.  සුළුවෙන්  හෝ ඊට සම්මාදම් වෙන්න ලැබීමත් පිනක්. හවුස් ෆුල් නෑ. ඒත් ඇවිල්ල හිටිය කට්ටිය දැක්කම සතුටුයි. සරත් ගුණපාල , ජසෙන්තුලියන  වගේ උගතුන්. සිංහළ කම අගයන පිරිසක්. මගේ කණටම ඇහුන කීප දෙනෙක්ම කියනව ඇමරිකාවෙ දැක්ක හොඳම ෂෝ එක කියල. ඒත් පිටි පස්සෙ හිටිය මට ගොඩාක් අඩු පාඩු පෙනුන. ඒව සුළු දේවල්. මෙච්චර ලොකු පිරිසක් එක්ක වැඩ කරන කොට එහෙම වෙනව.  ඒත් ඊට කලින් දා dress rehearsal  එකක් දැම්ම නම් ඒ අඩු පාඩුත් අවම කර ගන්න තිබුන. ඇමරිකන් විදියට මමත් WOW  කියල කියනව. මේ මල් පොකුර ඉන්දු ඇතුලු කලාකරුවන් සැමට.. මා  ගානේ. මේකත් හැදුවෙ ෆොටෝ ෂොප් එක සහ ෆ්ලෑෂ්  ආශ්‍රය කර ගෙන. ටියුටෝරියල් එක ඕනම නම් ක්‍රෙඩිට් කාඩ් අංකය දෙන්න. We ...

නිවසක් විකිණීමට තිබේ.

මගේ ගෙදර විකුණන්න දාල තියෙන්නෙ. කාමර 3 යි. Bath Room  එක හමාරයි. කුස්සිය. සාලෙ. ලොකු පැටියෝ එකක්. ගෙදර බලන්න කට්ටිය ආවට අපි ගෙදර නෑ. ඒ නිසා මම ෆ්ලෑෂ් දැනුම උපයෝගී කර ගත්තා. එච්චර ලොකු වැඩක් නෙවි. අවශ්‍ය පින්තූර ටික හොයා ගෙන ෆ්ලෑෂ් එකේ ස්ටේජ් එකට ගෙනල්ල  සයිස් එක අඩු වැඩි කරල motion tween එකක් හැදුව.

පිනි බිංදු.. ලබන සෙනසුරදා..

Image
පිනි බිංදු ..... මේ ගැන ආයෙමත් ලියන්න හිතුවෙ.. දැන් දිනේ අත ළඟටම ඇවිල්ල. මෙයාල මහන්සි වෙන හැටි දැක්කම ලොකු දුකකුත්.. ආදරයකුත් තවත් මොකක්දෝ හැඟීමකුත්.. නිකං දේශප්‍රේමය.. අපේකම වගේ  එකකුත් ඇතිවෙනව. මේවට සහභාගි වෙන අය සමහරු හැතැප්ම 50 කට 60 කට වැඩිය දුර ගෙවා ගෙන එන්නේ. මම හොඳට දන්නවා මේවයින් මුදල්මය වාසියක් ලැබෙන්නේ නැති වග. අන්තිමට ඉතිරි වෙන්නේ මානසික සහනයක් විතරයි. හැම සිකුරාදාකම වාගේ ඉන්දුලගෙ ගෙදර කට්ටිය  පිරිල. ඒ එන අයත් හිස් අතින් එන්නේ නෑ. මොනව හරි කෑමක් බීමක් අරන්. ඒ තමා මම අර කලින් කීව අපේකම. තවමත් නොනැසී තියෙන අපේ ලස්සන දේවල්. ගෙට ගොඩ වෙන කොටම ඉන්දු හැමෝම පිළි ගන්නව. ඊළඟට කන්න බොන්න පෙරැත්තෙ. හැමෝටම නෑ කමක් කියල කතා කරනව. මල්ලී.. පුතේ... දුවේ.. කියල. මේ අපේ දේවල් තවත් අවුරුදු ගාණකට ඉස්සරහට ගෙනියන්න නේද මේ කට්ටිය මේ දහිරිය දාන්නෙ.. ඩොලර් 20 කට ඇයි මේ මිළ කරල ට්කට් එකක් මේක ඊට වඩා කීප ගුනයක් වටිනව ඇවිල්ලම බලන්න. දකුණු කැලිෆෝනියාවේ පදිංචි සැමටයි මේ ආරාධනා. (අනික් අයත් ආවට වරදක් වෙන්නෙ නෑ)  ..  ගොඩක් දවසකින් මගේ බ්ලොග් එක update කරන්න බැරි උ...