බ්ලිම්ප්... BLIMP

බ්ලිම්ප් එකක් කියන්නෙ බැලූන් එකක් වගේම එකක්. වෙනසකට තියෙන්නෙ මෙහි ප්‍රොපෙලර් එකක් සහිත කුඩා ඇන්ජිමක් තියෙනව. නියමුවෙක් ඉන්නව. සමහර ඒවායේ ඇතුල කුඩා ගුවන් යානයක් වගේ. ප්‍රචාරක කටයුතු සඳහාත් , ඉහළ අහසේ සිට අවට විසිතුරු නරඹන සංචාරකයන් පිනවීමටත් මෙය යොදා ගන්නවා.

බ්ලිම්ප් එකක PNG එකක් ෆ්ලෑෂ් එකට ගෙනල්ල අවශ්‍ය ගානට දිග පළල දීල F8 එබුවා.movie ක්ලිප් එකකට convert කළා. ඉන් පසු selection ( V ) ටූල් එක අරන් බ්ලිම්ප් එක උඩ ඩබ්ල් ක්ලික් කළා. අළුත් පිටුවක් ඇරුනා. මින් පසුව අවශ්‍ය දේ කරන්නේ මේ  අළුත් පිටුවේ. නැවත F8 ඔබල අළුත් movie ක්ලිප් එකක් හැදුවා. ඇලුත් ලේයර් එකක් ඇරියා.

ඒ දෙවන ලේයර් එකේ 1 ෆ්‍රේම් එක තෝරලා අවශ්‍ය දේ ටයිප් කළා. F8 ඔබල මොවී ක්ලිප් එකක් කළා. ෆ්‍රේම් 25 ට ගිහින් F6 ඔබල අර කලින් ටයිප් කළ දේ කලර් පැනල් එකට ගිහින් alpha අගය " 0 " කළා. අලුත් දෙයක් ටයිප් කරල F8 එබුවා. ෆ්‍රේම් 50 ට ගිහින් F6 ඔබල අර දෙවෙනියට ටයිප් කල දේ alpha අගය " 0 " කළා. කී ෆ්‍රේම් අතර motion tween එකක් ඇරියා. ආපහු scene 1 ට ගිහින් 50 හෝ කැමති ගානක කී ෆ්‍රේම් එකක් ඇරල බ්ලිම්ප් එක වෙන තැනකට අරන් ගිහින් ඒ කී ෆ්‍රේම් අතර motion tween එකක් හැදුවා.





















Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ගී සර රංගන

ඩිජිටල් ඔරලෝසු